ඇෆ්ගනිස්තාන බල බිඳූ වනිඳු ගේ බලකාය

Afghanistan Tour of Sri Lanka 2024

224
Afghanistan Tour of Sri Lanka 2024- T20 Features

උණුසුම් තරගාවලියක නිමා ව පසුගියදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිදු වූවා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ලකුණු 3කින් පරාජයට පත් වූව ද තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූවා.  

  • පළමු තරගය

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 160 (20.0) වනිඳු හසරංග 67, Fazalhaq Farooqi 3/25 

ඇෆ්ගනිස්තානය – කඩුලු 9ක් දැවී 156 (20.0) Ibrahim Zadran නොදැවී 67, මතීෂ පතිරණ 4/24

ශ්‍රී ලංකාවට ලකුණු 4ක ජයක්. 

තරගයේ වීරයා – මතීෂ පතිරණ 

  • දෙවැනි තරගය

ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී 187 (20.0) සධීර සමරවික්‍රම 51, ඇන්ජලො මැතිව්ස් නොදැවී 42, Mohammad Nabi 2/25 

ඇෆ්ගනිස්තානය – සියලුම දෙනා දැවී 115 (17.0) Karim Janat 28, ඇන්ජලෝ මැතිව්ස් 2/09  

ශ්‍රී ලංකාවට ලකුණු 72ක ජයක්.  

තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස් 

  • තෙවැනි තරගය

ඇෆ්ගනිස්තානය – කඩුලු 5ක් දැවී 209 (20.0) Rahmanullah Gurbaz 70, Hazratullah Zazai 45, අකිල ධනංජය 2/37 

ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී 206 (20.0) පැතුම් නිස්සංක 60, කමිඳු මෙන්ඩිස් නොදැවී 65, Mohammad Nabi 2/35 

ඇෆ්ගනිස්තානයට ලකුණු 3ක ජයක්.  

තරගයේ වීරයා – Rahmanullah Gurbaz 

තරගාවලියේ වීරයා – වනිඳු හසරංග 

සති 3කට ආසන්න කාලයක් මෙරට රැදී සිටිමින් ටෙස්ට් තරගයක්, එක්දින තරග ත්‍රිත්වයක් සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයකට මුහුණ දුන් සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන්ට මෙම තරග සංචාරයේ දී ජයග්‍රහණය ලැබෙන්නේ දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගයේ දී පමණක් වීම කැපී පෙණුනා.  

තරගාවලියේ කැපී පෙණෙන මෙහෙවරක නිරත වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයනුයි. ඒ අතුරින් නායක වනිඳු හසරංග මෙම තරගාවලිය තනිකර ම තමන්ගේ තරගාවලියක් බවට පත් කර ගත්තා.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ලේබලයේ සිටියත්, දඟ පන්දු යවන්නෙක් ලෙසින් වැඩි භූමිකාවක නිරත වූ වනිඳු මෙම තරගාවලියේ ඉදිරි පෙළින් පිතිකරණයට පිවිස තමන් තවමත් පෙර රිද්මයේ ම සිටින පිතිකරුවෙක් බැව ද ඔප්පු කළා. ඔහු තරගාවලියේ වීරයා වීමට ද බලපෑවේ ඔහුගේ දඟ පන්දු විප්ලවය නොව, මෙම තරගාවලියේ පිතිකරුවෙක් ලෙසින් පෑ දක්ෂතාවයි.  

එමෙන් ම ඇන්ජලෝ මැතිව්ස් ද තමන් වෙත ලැබුණ අවස්ථාවන් මනා ලෙස පාලනය කළ අයුරු ප්‍රශංසනීයයි. දෙවැනි තරගයේ දී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු පෑ දක්ෂතාවන් කාලයකට පසු ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමන්දානන්දනයට පත් කළ ඉනිමක් බවට පත් වුනා.  

තරගාවලියේ අවසන් තරගයේ දී කාගේත් අවධානය දිනා ගත් කමිඳු මෙන්ඩිස් ද සුවිශේෂී චරිතයක් බවට මෙම තරගාවලියේ දී පත් වූවා. ඔහුගේ අභියෝගාත්මක ඉනිම කාලයක් ගත වෙන තුරු අමතක නොවන්නක් වනු නිසැකයි.  

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සතු දක්ෂතාවන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් අනාගතයට කදිම ආයෝජනයක් බැව් මෙම තරගාවලියේ දී කාට කාටත් බලාගත හැකි වූවා. නමුත් ඉඳ හිටික පාලනය ගිලිහෙන පන්දුව, දෙක නිවැරදි මාවතට ගෙන ඒමට ඔහු සතු වගකීමක් කර ගන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට සේ ම ඔහුට ද මනරම් බැව් පැවැසිය යුතුයි.  

පැතුම් නිස්සංක මෙම තරගාවලියේ දී ද එක්දින තරගාවලියේ රිද්මයෙන් ම ක්‍රීඩා කළ අයුරක් පසක් කළ ද ඔහුගේ ආබාධිත තත්ත්වය ඒ සියල්ල මඟ හැර දැම්මා. එසේ නොවුණා නම් අවසන් තරගය පැතුම්ගේ විස්සයි විස්ස පිටියේ ඉහළ ම ඉනිම බවට ද පත් වීමට ඉඩ තිබුණා.  

මේ සියලු කරුණු කාරණා සහිතව තරගාවලියේ තවත් සුවිශේෂී කඩඉම් කිහිපයක් ද ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාස කතා බහට එක් වුණා.  

209/5 (20.0): ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසන් තරගයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව තරග 3කින් යුත් තරගාවලියේ කණ්ඩායමක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූවා.  

එම ලකුණු ප්‍රමාණය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූවා. ඊට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2022 වසරේ දී Sharjah ක්‍රීඩාංගණයේ දී කඩුලු 6කට ලබා ගත් ලකුණු 175යි.

206/6 (50.0): ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය ඇෆ්ගනිස්තානයට එරෙහිව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

115/10 (17.0): ඇෆ්ගනිස්තානය මෙම තරගාවලියේ 2 වැනි තරගයේ දී ලබා ගත් ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙසින් ඉතිහාසයට එක් වුණා.  

ඊට පෙර ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකා ඉදිරියේ ලබා සිටි අවම ලකුණු ප්‍රමාණය වූයේ 2023 වසරේ දී Hangzhou හි දී පන්දු වාර 18.3ක දී ලබා සිටි ලකුණු 116යි.

415: ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය එක් ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව දෙරට පැවැති අවසන් තරගයේ දී වාර්තා කිරීම කැපී පෙණුනා. එය ඇෆ්ගනිස්තාන තරග ඉතිහාසයේ සිවු වැනි එ ආකාරයේ ඉනිම වූ අතර ශ්‍රී ලංකාවේ එ ආකාරයේ 5 වැනි ඉනිමයි  

102: තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ වනිඳු හසරංග. ඔහු තරග 3ක ඉනිම් 3ක දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවට අර්ධ ශතකයක් ඇතුලත්.  

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 99ක් ලබා ගත් සධීර සමරවික්‍රම ද සහ තෙවැනි ස්ථානය ලකුණු 96ක් ලබා ගත් ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbaz ද හිමිකර ගන්නවා.  

70: තරගාවලියේ ඉනිමක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbaz. ඔහු අවසන් තරගයේ දී පන්දු 43ක දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගනිමින් මෙම පළමු අසුන හිමිකර ගත්තා.  

ඊට පසුව මේ ස්ථාන දිනා ගත්තේ ඇෆ්ගනිස්තානයේ Ibrahim Zadran පළමු තරගයේ දී නොදැවී ලබා ගත් ලකුණු 67 සහ වනිඳු හසරංග එම තරගයේ දී ම ලබා ගත් ලකුණු 67යි. වනිඳු හසරංග එම ඉනිම පන්දු 32කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ වාර්තා කරන ලද අතර Ibrahim Zadran තම ඉනිමට පන්දු 55ක් වැය කළ අතර ඊට හතරේ පහර 8ක් එක් කළා.  

65*: තම 7 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගී වූ කමිඳු මෙන්ඩිස්, මෙම ඉනිමේ දී වාර්තා කරන ලද ඉනිම ඔහුගේ තරග ඉතිහාසයේ හොඳම ඉනිම බවට පත් වූවා.  

21: දෙරට අතර පැවැති අවසන් තරගයේ දී අතිරේක ලකුණු 21ක් වාර්තා වන අතර එය ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් ඔවුන්ට ලබා දුන් වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණයන් අතර 2 වැනි තැනට පත් වුනා.  

102: වනිඳු හසරංග මෙම තරගාවලියේ තම තරග දිවියේ 100 වැනි විස්සයි විස්ස කඩුල්ල ලබා ගැනීමට සමත් වූවා. ඔහු මේ වන විට තරග 64කට සහභාගී වෙමින් පන්දුවාර 232.4ක් යවමින් කඩුලු 102ක් ලබා සිටිනවා.  

ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් ලෙසින් ඔහුට ඉදිරියෙන් සිටින්නේ ලසිත් මාලිංග පමණයි. ඔහු විස්සයි විස්ස තරග 84ක දී පන්දුවාර 299.5ක් යවමින් කඩුලු 107ක් ලබා සිටිනවා.   

4/24 (4.0): දකුණිත් වේග පන්දු යවන 21 වැනි වියේ පසුවෙන මතීෂ පතිරණ ඇෆ්ගනිස්තානය සමඟ පැවැති පළමු තරගයේ දී ලකුණු 24කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙන අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4ක හොඳම පන්දු යැවීමයි.  

8/88 (11.0): මෙම තරගාවලියේ දී මතීෂ පතිරණ කඩුලු 8ක් දවා ගන්නා ලද අතර එය තරග 3කින් සමන්විත ද්විත්ව රටවල් අතර තරගාවලියක දී පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතා අතර සිවු වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.  

එහි පළමු ස්ථානය අජන්ත මෙන්ඩිස්, 2008 වසරේ දී කැනඩා සංචාරයේ දී ලබා ගත් කඩුලු 11ට හිමි වෙන අතර වනිඳු හසරංග 2019 වසරේ දී පාකිස්තානයට ද සහ 2020 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට ද එරෙහි ව කඩුලු 8 බැගින් දවා ගෙන මෙම ලැයිස්තුවට එක් වී සිටිනවා.  

විස්සයි විස්ස තරග වාර්තා එසේ වෙද්දී අවසන් එක්දින තරගය මංගල විස්සයි විස්ස තරගය කර ගත්, 19 හැවිරිදි වියේ පසු වූ කඩුලු රැකි ක්‍රීඩක Mohammad Ishaq ඇෆ්ගනිස්තානය ඉතිහාසයට එක් වෙද්දී කණ්ඩායමේ ස්තීර කඩුලු රකින්නා වූ Rahmanullah Gurbaz මෙම තරග සංචාරයේ දී තම විස්සයි විස්ස 50 වැනි ජාත්‍යන්තර තරගයට සහභාගී වීම ද කැපී පෙණුනා. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<