ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන්නෙකුට වැඩ වරදියි

322

ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අෆ්තාබ් අලාම් හට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල වසරක තරග තහනමක් පැනවීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් අද (11) තීරණය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් රසිකයින් ඩෙඟා නටයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවැත්වුණු …….

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර එනම් ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයට පසුව අෆ්තාබ් අලාම් විසින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම රැඳී සිටි සදම්ටන් හි හෝටලය තුලට කාන්තාවක් රැගෙන විත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩක විනය රෙගුලාසි කඩකරමින් ඇය සමඟ කාලය ගත කර තිබේ.

එය දැනගත් වහාම ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් බලධාරීන් විසින් පසුගිය 27 වැනිදා ඔහුව නැවතත් සිය මව් රට බලා පිටත් කර හැරියේ තරගාවලිය අවසන් වීමෙන් පසුව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් කිරීමේ අරමුණ ඇතිවයි. එම විනය පරීක්ෂණය ඊයේ (11) දිනයේ දී පවත්වා තිබෙන අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස අලාම් හට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල තරග කිරීමට නොහැකි වන ලෙස මේ වසරක තරග තහනම පනවා ඇත.

අපි නොදන්න කුලේ

“මම ඇත්තටම බෝලේ දැක්කේ නෑ. කුමාර් අයියා …..

වයස අවුරුදු 26ක් වන දකුණතින් මද වේගපන්දු යවන අෆ්තාබ් අලාම්  ක්‍රිකට් තරග 27ක දී හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 12ක දී ඇෆ්ගනිස්ථාන  කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 52ක් දවාගෙන දස්කම් දැක්වීමට සමත් වී තිබේ. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<