වනුජ සහන් වටිනා අර්ධ ශතකයක් කරා

Afghanistan A Tour of Sri Lanka 2024

272

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ඇෆ්ගන් කණ්ඩායමට එරෙහිව ලකුණු 417 ඉදිරියෙන් පසු වීමට සමත් වුනා.

තරගයේ පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 372ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

අද (12) දිනයේ දී ඔවුන් ඒ වෙනුවෙන් තවත් ලකුණු 63ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූශ සහ වනුජ සහන් අතරේ ලකුණු 119ක සබඳතාවක් ගොඩ නැගීම විශේෂත්වයක්.

ඊයේ (11) දිනයේ විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් වූ සොනාල්ගේ ඉනිම ලකුණු 145කට සීමා වීමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණු අතර, ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස ලකුණු 75ක් ලබා ගත් වනුජ සහන් පිටියෙන් ඉවත් වුනා.

පන්දු 118ක් තුළ දියත් වූ වනුජගේ ඉනිම හතරේ පහර 9කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 435කට සීමා වූ අතර, මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Zia-ur-Rehman කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලද දැවැන්ත අභියෝගයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ඇෆ්ගන් A ආරම්භක පිතිකරුවන් ලෙස Imran සහ Ihsanullah පිටියට පිවිසි අතර, මිලාන් රත්නායක විසින් Ihsanullahව ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් ම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මින් පසුව වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය අද දිනයට නතර කළා.

  • ශ්‍රී ලංකා A – 435/10 (101.3) සොනාල් දිනූශ 145, වනුජ සහන් 75, ලහිරු උදාර 65, විශාද් රන්දික 63, Zia-ur-Rehman 6/127, Naveed Zadran 2/94
  • ඇෆ්ගනිස්තාන A – 18/1 (6.1) Imran 11*, මිලාන් රත්නායක 1/12

දෙවන දිනයට තරගය නතර කළා.

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<