මගේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා – ඇෆ්ගනිස්තාන නායක

164

ලෝක ක්‍රිකට් වසන්තය උදාවීමට ඉතිරිව ඇත්තේ තව මාසයක කාලයකි. මේ වන විට ලෝක ක්‍රිකට් කිරුළ සඳහා තරග කරන සියලු කණ්ඩායම් තම සංචිත ප්‍රකාශයට පත්කර අවසන්.

තවමත් ක්‍රිකට් ලෝකයට ආගන්තුකයින් ලෙස සැලකෙන ඇෆ්ගනිස්තානය පසුගිය වසර කිහිපයේ දී සැලකිය යුතු දියුණුවක් ලබාගෙන ඇත. දකුණු අප්‍රිකාවේ පුහුණු සංචාරයකට එක්වූ ඔවුන් නිරන්තරයෙන් තම කණ්ඩායමේ අත්දැකීම් වැඩි කරගනිමින් සිටී. තම කණ්ඩායම පිළිබඳව පසුගිය දා ඇෆ්ගනිස්තාන නායක ගුලාබ්දීන් නයිබ් අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ දකුණු අප්‍රිකාවේ ඇති තණතිලි වලට සමාන තණතිලි එංගලන්තයේ පවතින නිසා තමන් දකුණු අප්‍රිකාවේ ලබා ගත් පුහුණු වඩා වැදගත් වන බවයි.

මුම්බායි නායකයාට දඩ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා …….

“මගේ කණ්ඩායම දිහා බැලුවම මට පේනවා අපි ගොඩක් හොඳ සූදානමකින් ඉන්නවා කියලා” කාබුල් හි බ්‍රිතාන්‍ය මහ ලේකම් කාර්‍යාලයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් නයිබ් පවසා සිටියා. ඒ තම කණ්ඩායම සමඟින් තරගාවලියට එක්වීම සඳහා එංගලන්තය බලා පිටත්වීමට පැමිණි අවස්ථාවේ දී ය.

“හැමෝම ගොඩක් උනන්දුවෙන් හා ගොඩක් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. ලෝක කුසලානයට සහභාගි වෙන්න ලැබුණු එක ගොඩක් වටින අවස්ථාවක්.”

ගුලාබ්දීන් නයිබ් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වයට පත්වූයේ මෙම මස ආරම්භයේ දී ය. ඒ පෙර සිටි නායක ඇස්ගාර් ඇෆ්ගන් වෙනුවටයි. කෙසේ වෙතත් ඇස්ගාර් ඇෆ්ගන් ලෝක කුසලාන සංචිතයේ තවමත් ඉඩක් වෙන්වී තිබේ.

ලෝක කුසලානයට ආසන්නයේ මෙලෙස නව නායකයෙක් පත්කිරීම සෑමදෙනාගේම අවධානයට ලක්වූ අතර ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ආයතනය එය එතරම් ගැටලුවක් නොවන බව පවසා සිටියා. 28 හැවිරිදි ගුලාබ්දීන් නයිබ් නායකත්වයට පත්වන්නේ නායකත්වයට සුදුස්සන් කණ්ඩායමේ සිටිය දී බව පෙනෙන්නට තිබුණ ද, කණ්ඩායම තුල ඔහුගේ නායකත්වයට එතරම් බාධාවක් නොවූ ආකාරයක් පෙනෙන්නට ඇත.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ ඇෆ්ගනිස්තානයේ බ්‍රිතාන්‍ය උප තානාපති Giles Lever මහතා පවසා සිටියේ ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තානයට මෙම ලැබී ඇති අවස්ථාව යුදමය රටක් ලෙස ලෝක අවධානයට ලක්වීම යම් තරමකින් හෝ අඩුකර ගැනීමට ලද අවස්ථාවක් බවයි. බිලියන 1.5ක් තරම් වූ ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලබා ගැනීමට මෙය අනගි අවස්ථාවක් බවත් ඔහු පවසා ඇත.

පාකිස්තාන ප්‍රබලයෙක් එංගලන්ත තරගයක් මඟ හරියි

පාකිස්තානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් …………..

“යුද්ධය නෙමෙයි, දේශපාලනික ප්‍රශ්න නෙමෙයි, මේ වෙලාවෙ ඇෆ්ගනිස්තානයේ හැමෝම එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් එකට ක්‍රියා කරනවා” Lever මහතා තවදුරටත් පවසා සිටියා.

2010 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීමට ඇෆ්ගනිස්තානය ගත් උත්සාහය සාර්ථක නොවූවද ඔවුන් ඉන්පසු පැවති සියලු ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි විය. පසුගිය මාසයේ දී තම ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ද වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය. ඒ අයර්ලන්තයට එරෙහිවයි.

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ ප්‍රථම තරගය ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව ජුනි පළමු වැනිදා තරග වැදීමට නියමිතයි. කළු අශ්වයන් ලෙස හැදින්වෙන ඇෆ්ගනිස්තානය පසුගිය වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජය කරන්නට සමත් විය. එම තරගාවලියේ දී ඉන්දියාව සමඟ පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් වූයේ ලකුණු සමවීම නිසාවෙනි.

ඇෆ්ගනිස්තානයේ බොහෝ ක්‍රීඩකයන් ක්‍රිකට් ජීවිතයට අත්පොත් තබා ඇත්තේ පාකිස්තානයෙනි. පසුව 1980 වසරේ සෝවියට් ආක්‍රමණයන් නිසා ඔවුන් හා ඔවුන්ගේ පවුල් ඇෆ්ගනිස්තානයට පැමිණ ඇත.

එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට

එංගලන්ත එක්දින …..

තමන්ට ලෝක කුසලානය සඳහා ඇති බලාපොරොත්තු පිළිබඳව මාධ්‍ය විමසූ විට ගුලාබ්දීන් නයිබ් ප්‍රකාශ කර ඇත්තේ “මේක ක්‍රිකට්. ඕනෙම දෙයක් වෙන්න පුළුවන් ක්‍රීඩාවක්.” ලෙසයි.

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයන් වනු ඇතැයි බොහෝ දෙනා මේ වන විටත් අනාවැකි පල කර අවසන්.

ලෝක කුසලානයට එක්වන ඇෆ්ගනිස්තානය සංචිතය:

ගුලාබ්දීන් නයිබ් (නායක), මොහොමඩ් ශහ්සාඩ්, නූර් අලි සඩ්‍රාන්, හස්රතුල්ලා සසායි, රහමත් ෂා, අස්ගාර් ඇෆ්ගන්, හෂ්මතුල්ලා ශහිදි, නජිබුල්ලාහ් සඩ්‍රාන්, සමියුල්ලාහ් ශිංවරි, මොහොමඩ් නබි, රෂිඩ් ඛාන්, ධවුලත් සඩ්‍රාන්, අෆ්තාබ් අලාම්, හමිඩ් හසන්, මුජීබ් උර් රහමාන්.

2019 ක්‍රිකට් ලෝක කුසලාන වසන්තය මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එය ජූලි 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙනු ඇත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් වල පෙර සූදානම පිළිබඳව හා වැදගත් තොරතුරු සියල්ල ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<