කනිෂ්ඨ සහ යොවුන් බොක්සිං වසන්තය ඇරඹේ

432
ABA Junior boxing

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කෙරෙන, ‘2016 සමස්ත ලංකා කනිෂ්ඨ පිරිමි හා කාන්තා බොක්සිං තරගාවලිය’ අප්‍රේල් 3 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා තෙක් කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ. මෙය පසුගිය වසරේ පැවැත්වීමට නොහැකිවූ කනිෂ්ඨ තරගාවලිය වන අතර මීට සමගාමීව එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරග ද පැවැත්වේ.

ක්‍රීඩා ඇමති, බැඩ්මින්ටන් කමිටුවට පයින් ගසයි

අභිනවයෙන් තේරී පත්වූ බැඩ්මින්ටන් සංගම් කමිටුව විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත….

අප්‍රේල් 3, 4, 5 සහ 6 යන දිනයන්වල දී පැවැත්වෙන තරග ඒ සෑම දිනකම සවස 3.00 සිට පැවැත්වේ.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලිය පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම බර පන්ති 10ක් යටතේ පැවැත්වේ. පිරිමි අංශයේ කි.ග්‍රෑ.46-49 ලයිට් ෆ්ලයි වෙයිට් හි සිට කි.ග්‍රෑ. 91ට වැඩි සුපර් හෙවි වෙයිට් බර පන්තිය දක්වාම තරග පැවැත්වෙනු ඇත. කාන්තා අංශය වෙනුවෙන් කි.ග්‍රෑ. 45-48 ලයිට් ෆ්ලයි වෙයිට් හි සිට කි.ග්‍රෑ.81ට වැඩි සුපර් හෙවි වෙයිට් බර පන්තිය දක්වා තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලිය, වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩක හා ක්‍රීඩිකාවන් වෙනුවෙන් විවෘත ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග ද මේ හා සමගාමීව පැවැත්වෙන්නේ පිරිමි අංශයේ බර පන්ති 3ක් යටතේ සහ කාන්තා අංශයේ බර පන්තියක් යටතේයි. පිරිමි කි.ග්‍රෑ. 49, 52, 56 යන බර පන්ති යටතේ තරග පැවැත්වෙන අතර කාන්තා තරග කි.ග්‍රෑ. 51 බර පන්තිය යටතේ පැවැත්වීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙත පියමන් කිරීම සඳහා, 1999 ජූලි 20 වැනිදා සිට 2001 ජූලි 19 වැනිදා දක්වා උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසු වන අතර ඔවුන් ස්ටබ්ස් පලිහ, සමස්ත ලංකා කනිෂ්ඨ, යොවුන් ශූරතාවලිය, කනිෂ්ඨ ශූරතාවලිය සහ ටී.බී. ජයා කුසලාන ආදී තරගාවලි තුළ දී රන් සහ රිදී පදක්කම් ලාභීන් විය යුතුය.

තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2017 මාර්තු 30 වැනිදායින් අවසන්ව ඇත. තරගාවලිය පිළිබඳ සියලු පුවත් ThePapare.com හරහා ඔබට රැගෙන එනු ඇත.  

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට