• පිරිමි ශුරතාව බටහිරට
• කාන්තා ශුරතාව වයඹට

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට අයත් වොලිබෝල් තරඟ පසුගිය දා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාගාරයේදී නිමාවට පත්විය.

පිරිමි අවසාන පුර්ව පළමු තරගය සබරගමු පළාත් වොලිබෝල් කණ්ඩායම සහ උතුරු මැද පළාත් වොලිබෝල් කණ්ඩායම අතර පැවතිණි. එහිදි තරග 3-0 ලෙස ජය ලබා සබරගමු පළාත් කණ්ඩායම අවසාන මහ තරගයට සුදුසුකම් ලැබිය. දෙවැනි අවසාන පුර්ව තරගය බස්නාහිර පළාත් වොලිබෝල් කණ්ඩායම සහ වයඹ පළාත් වොලිබෝල් කණ්ඩායම අතර පැවත්විනි.එහිදි තරග 3-0 ලෙස ජය ලබා අවසාන මහා තරගයට සුදුසුකම් ලැබිමට බස්නාහිර පළාත් කණ්ඩායමට හැකිවිය.

පිරිමි අවසාන මහා තරගයේදී බස්නාහිර පළාත් වොලිබෝල් කණ්ඩායම සහ සබරගමු පළාත් වොලිබෝල් කණ්ඩායම තරග වැදුණු අතර එහිදි තරග 3-0 ලෙස අති විශිෂ්ට ජයක් වාර්තා කරමින් පිරිමි වොලිබෝල් ශුරතාව තමන් සතුකරගන්නට  බස්නාහිර පළාත් ක්‍රීඩකයින් සමත් විය. පිරිමි තෙවැනි ස්ථානය වයඹ පළාතට හිමිවිය.

කාන්තා පළමු අවසාන පුර්ව තරගය බස්නාහිර පළාත් වොලිබෝල් කණ්ඩායම සහ දකුණු පළාත් වොලිබෝල් කණ්ඩායම තරග වැදුණු අතර තරග 4-1 ලෙස ජය ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. දෙවැනි අවසාන පුර්ව තරගය වයඹ පළාත් වොලිබෝල් කණ්ඩායම සහ උතුරු මැද පළාත් වොලිබෝල් කණ්ඩායම අතර පැවත්විනි.එය තරග 3-0 ලෙස ජයගත් වයඹ පළාත් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය.

කාන්තා අවසාන මහා තරගය වයඹ පළාත් වොලිබෝල් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වොලිබෝල් කණ්ඩායම තරග වැදුණු අතර එහිදි තරග 3-0 ලෙස ජය ගනිමින් වයඹ පළාත් ක්‍රීඩිකාවන් කාන්තා ශුරතාව සදහා හිමිකම් කිය.තෙවැනි ස්ථානය දකුණු පළාත් කණ්ඩායමට හිමි විය.

41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම නියෝජනයකළ දිප්ති රණවක සම්මාන ලැබු අතර දක්ෂතම වොලිබෝල් ක්‍රීඩිකාව ලෙස වයඹ  පළාත නියෝජනය කළ ඉරේෂා උමයංගි සම්මාන ලැබිය. තරගාවලියේ ජය සංකේත සහ ත්‍යාග ප්‍රධානොත්සවය  ක‍්‍රීඩා අමාත්‍යංශයේ  අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ , ‍‍ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර සහ මධ්‍යම පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කුමුදුනී විරසේකර කරුණාරත්න යන මහත්ම මහත්මින්ගේ ප‍්‍රධානත්වයෙන්  පැවැත්විණ.