ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අද (29) අවසන් වූ අතර එහි දී අකීල් ඉන්හාම් ශතකයක් වාර්තා කළ අතර ඊට අමතර ව අමිත් එරන්ද සහ විනුජ රන්පුල් ශතකයකට ලකුණක් මෙපිටින් නතර වූවා.
දිනයේ වාර්තා වූ එක ම ශතකයේ හිමිකාරීත්වය Leo CC කණ්ඩායමේ අකීල් ඉන්හාම් සතු වුණා. ඔහු Sebastianite C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.
මීට අමතර ව United Southern SC කණ්ඩායමේ අමිත් එරන්ද Galle CC කණ්ඩායම හමුවේ ලකුණු 99කට දැවී යනවා. ඒ වෙද්දී ඔහුගේ ඉනිම පන්දු 67කින් සමන්විත වූ අතර ඊට හයේ පහර 9ක් සහ හතරේ පහර 6ක් එක් ව තිබුණා.
මේ අතර Moratuwa SC කණ්ඩායමේ විනුජ රාන්පුල් ට ද තම ශතකය එක් ලකුණකින් අහිමි වෙනවා. ඒ Ragama CC කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ඔවුන්ගේ ඉනිම අවසන් වෙද්දී ඔහු පන්දු 251කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලබා සිටියේ නොදැවී ලකුණු 99ක් පමණක් වීම හේතුවෙනුයි.
ඔවුන්ට අමතර ව Leo CC කණ්ඩායමේ නෙත්ම කරුණාරත්න (73), United Southern SC කණ්ඩායමේ ජනිඳු චාමික (නොදැවී 52), Galle CC කණ්ඩායමේ යුතික ද සිල්වා (91), ලිසුල ලක්ෂාන් (65), ක්‍රිශාන් සංජුල (නොදැවී 50), Kandy Custom SC කණ්ඩායමේ විශාර ප්‍රනාන්දු (66), Ragama CC කණ්ඩායමේ මනීශ රූපසිංහ (52) සහ ශාහිල් ඩයස් (53) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර අද නිමා වූ තරග අතුරින් Moratuwa SC සහ Ragama CC අතර තරගයෙන් Ragama CC කණ්ඩායම කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙනවා.
තරගවල කෙටි ලකුණු පුවරු
United Southern SC සහ Galle CC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – United Southern SC
- United Southern SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (78.2)හිරන්ත ජයසිංහ 59, තමිඳු ප්‍රදිප්ත 56, ජනිඳු චාමික 21, අමිත් එරන්ද 22, අසන්ත බස්නායක 83, සසංක පෙරේරා 31, චානක දේවින්ද 2/74, රජීව වීරසිංහ 4/128
- Galle CC– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 400 (82.0)යුතික ද සිල්වා 91, ඩිලාන් ජයලත් 72, ලිසුල ලක්ෂාන් 65, රුමේෂ් බුද්ධික 46, ක්‍රිශාන් සංජුල නොදැවී 50, කෙවින් කොත්තිගොඩ 25, නිසල තාරක 23, සසංක පෙරේරා 3/129, ජනිඳු චාමික 2/61
- United Southern SC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 203 (27.0)ජනිඳු චාමික නොදැවී 52, අමිත් එරන්ද 99, පෙසඳු සංජන 39, චානක දේවින්ද 2/47,
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Galle CC කණ්ඩායමට.)
SL Army SC සහ Kandy Custom SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kandy Custom SC
- Kandy Custom SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (44.1) විශාර ප්‍රනාන්දු 23, මිතුන් ජයවික්‍රම 40, ශෙහඳ සොයිසා 4/41, පැතුම් මලිත 5/39
- SL Army SC– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 313 (54.0)අශාන් සුදර්ශන 129, පැතුම් ඩිල්ශාන් 36, සුකිත දෙව්තිළිණ 97, අසේල ගුණරත්න 26, මිතුන් ජයවික්‍රම 3/89
- Kandy Custom SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 245 (80.2)අශාන් රන්දික 46, එනෝෂ් පීටර්සන් 42, විශාර ප්‍රනාන්දු 66, නිමන්ද සුබසිංහ 46, සුපුන් කුමාර 2/35, ෂෙහඳ සොයිසා 4/66, ගයාන් චන්ද්‍රබෝෂ් 2/63
- SL Army SC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 13 (1.4) මිතුන් ජයවික්‍රම 2/02
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය SL Army SC කණ්ඩායමට.)
Chilaw Marians CC සහ Navy SC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Navy SC
- Navy SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (45.1)අදීශ නානායක්කාර 58, වරුණ මයන්ත 43, පුලස්ති අතපත්තු 28, චානක කොමසාරු 3/69, මෙලන් හංසක 4/50, සසංක නිර්මාල් 2/07
- Chilaw Marians CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (35.4)ලසිත ලක්ෂාන් 25, උදයවංශ පරාක්‍රම 52, ඩිලංක අවර්ඩ්ට් 5/72, කොශාන් ජයවර්ධන 4/43
- Navy SC –දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 157 (47.0)ආදිත්‍ය සිරිවර්ධන 59, අදීශ නානායක්කාර 20, තිමිර මල්ශාන් නොදැවී 22, පූර්ණ චාරුක නොදැවී 18, චානක කොමසාරු 5/41
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Navy SC කණ්ඩායමට.)
Leo CC සහ Sebastianite C & AC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Sebastianite C & AC
- Leo CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (66.5)අශාන් ප්‍රනාන්දු 63, හිරුන් සිගේරා 21, සලිඳු පතිරණ 41, බිශාන් හෙට්ටිආරච්චි 4/34, හෂාන් සංදීප 3/62, සංජුල බණ්ඩාර 2/33
- Sebastianite C & AC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 212 (68.0)රුසිරු විලෝචන 62, සංජුල බණ්ඩාර 26, උමයංග සුවාරිස් 22, සිතුම් විහඟ 41, ගයාන් ද සිල්වා 2/54, මල්ශාන් ගුණසිංහ 3/69, පූර්ණ කල්හාර 2/04
- Leo CC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 239 (51.0)නෙත්ම කරුණාරත්න 73, අකීල් ඉන්හාම් නොදැවී 100, සෙනේශ් ප්‍රනාන්දු නොදැවී 31, හෂාන් සංදීප 2/80
- Sebastianite C & AC– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 33 (18.0)මල්ශාන් ගුණසිංහ 2/14
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Sebastianite C & AC කණ්ඩායමට.)
Moratuwa SC සහ Ragama CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Ragama CC
- Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 150 (62.3)ඉරෝෂ් සමරසූරිය 69, විනුජ රාන්පුල් 33, උපුල් ඉන්ද්‍රසිරි 6/38, මදුක ලියනපතිරණගේ 3/55
- Ragama CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (65.5)ශාහිල් ඩයස් 24, කෙමිර විජේනායක 82, රොස්කෝ තට්ටිල් 65, රුසිත් ජයවර්ධන 6/59, විදුර ලක්ෂාන් 2/23
- Moratuwa SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 218 (91.5)දිනෙත් සිතුමිණ 30, ඉරෝෂ් සමරසූරිය 21, විනුජ රාන්පුල් නොදැවී 99, මධුශංක ප්‍රේමරත්න 30, කවීෂ ලියනාරච්චි 2/49, මධුක ලියනපතිරණගේ 2/75, රොස්කෝ තට්ටිල් 2/08, කාවින්ද ඊශ්වර 2/33
- Ragama CC –දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 129 (27.1)මනීශ රූපසිංහ 52, ශාහිල් ඩයස් 53
Ragama CC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Tier B ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















