ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියට ශතක එක් කිරීමට නිසිල දිමත්, චමත් වෙල්ලාලගේ, අවීශ සමාශ් සහ බිහාන් ගමගේ සමත් වූවා.
ඒ අනුව මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නිසිල දිමත් සහ චමත් වෙල්ලාලගේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව එක ම ඉනිමක දී ශතක වාර්තා කිරීම කැපී පෙණුනා. එහි දී ආරම්භක පිතිකරු නිසිල දිමත් පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 107ක් ද සහ චමත් වෙල්ලාලගේ පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 101ක් ද ලබා ගත්තා.
මේ අතර මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අවීශ සමාශ් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 132ක් ලබා ගනිද්දී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බිහාන් ගමගේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මියුරු බණ්ඩාර (70), මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලශේන් ප්‍රනාන්දු (56) සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ උදුල ජයසිංහ (57) සහ සනුක කෙම්සර (98) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඉනිමක ජයක්
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි
- හිරුක, ලශේන් සහ අකේන් ශතක ලබා ගනී
- අවීෂ ශතකයක් රැස් කරයි
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (56.0) මියුරු බණ්ඩාර 42, තරුශ රණසිංහ 46, චනුල් අතලේ 25, සිත්රු ගුණරත්න 52, විග්නේශ්වරන් ආකාශ් 6/58
සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 254 (75.1) අවීශ සමාශ් 132, සෙනුජ වකුණගොඩ 48, පමෝද දල්පදාදු 30, ලෙසඳු විජේතුංග 22, ඕෂධ පෙරේරා 2/64, බාසුරු ජයසේන 2/44
ඩී. එස්. සේනානායක විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 176 (37.3) බිහාන් ගමගේ නොදැවී 102, මියුරු බණ්ඩාර 70
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට.)
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (49.3) උදුල ජයසිංහ 25, සනුක කෙම්සර 34, ඉමන්ජිත් හේරත් 30, අදීශ ලක්ශාන් 4/46, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/36, චමත් වෙල්ලාලගේ 2/27
සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 340 (79.1) නිසිල දිමත් 107, ලශේන් ප්‍රනාන්දු 56, චමත් වෙල්ලාලගේ 101, ඉමන්ත හේරත් 4/68
සාන්ත ආනා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 206 (48.3) උදුල ජයසිංහ 57, සනුක කෙම්සර 98, ඉශාන් ඛාන් නොදැවී 20
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට.)
අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















