පාකිස්තානයට එරෙහි ව පැවැත්වෙන ටෙස්ට් තරග ද්විත්වය සඳහා එක් වෙන 15 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.
එහි නායකත්වයට ප්‍රථම වතාවට කුසල් මෙන්ඩිස් නම් කර තිබෙන අතර ඔහු මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ ශ්‍රී ලංකාවේ 19 වැනි ටෙස්ට් නායකයා ලෙසයි.
>>කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
නම් කරන ලද මෙම කණ්ඩායම සඳහා ඉන්දියාව සමඟ මෙරට දී පැවැති 1 වැනි ටෙස්ට් තරගයේ දී ආබාධිත තත්ත්වයට පත් දිනේෂ් චන්දිමාල් ද නැවත කණ්ඩායමට එක් කර ඇති අතර ශාරීරික යෝග්යා මට්ටම පදනම් කරගනිමින් තරගාවලියට එක් කර ගැනීමේ අපේක්ෂාවෙන් පැතුම් නිස්සංක ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.
නම් කරන ලද සංචිතයට ප්‍රථම වරට 22 වැනි වියේ පසුවෙන අංජල බණ්ඩාර සහ 25 හැවිරිදි වියේ පසුවෙන එශාන් මාලිංග ද එක් කර තිබෙනවා.
වමත් ඉදිරි පෙළ පිතිකරුවෙක් මෙන් ම කඩුලු රකින්නෙක් ද වෙන අංජල බණ්ඩාර මේ දක්වා පළමු පෙළ තරග 31ක ඉනිම් 46ක දී ශතක 7ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 2239ක් ලබා ඇති ක්‍රීඩකයෙක් වන අතර තමන්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 65.85ක් ලෙස ද පවත්වාගෙන යෑමට සමත් ව තිබෙන අයෙක්.
දකුණතින් මඳ වේග පන්දු යවන එශාන් මාලිංග මේ වෙද්දී එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති අතර මේ දක්වා පළමු පෙළ තරග 19ක ඉනිම් 32ක පන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 44ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.
මෙම සංචිතය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් අතරට මෙරට දී නිමා වූ ඉන්දියාව සමඟින් වූ ටෙස්ට් තරගාවලියට එක් වූ ලහිරු උදාර, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ, නිරෝෂාන් දික්වැල්ල සහ විශ්ව ප්‍රනාන්දු ඉවත් කර තිබෙනවා.
- සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි
- 17න් පහළ තුන් දින තරගය විසඳුමක් නෑ
- පාකිස්තානය 2 වැනි තරගයත් ජය ගනී
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනී
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය
- කුසල් මෙන්ඩිස් (නායක)
- පැතුම් නිස්සංක
- පසිඳු සූරියබණ්ඩාර
- දිනේෂ් චන්දිමාල්
- කමිඳු මෙන්ඩිස්
- සොනාල් දිනූෂ
- ධනංජය ද සිල්වා
- අංජල බණ්ඩාර
- කේශර නුවන්ත
- ප්‍රභාත් ජයසූරිය
- මිලාන් රත්නායක
- ලහිරු කුමාර
- අසිත ප්‍රනාන්දු
- ඩිල්ශාන් මදුශංක
- එශාන් මාලිංග.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා Rawalpindi හි දී ද සහ 2 වැනි ටෙස්ට් තරගය එම මාසයේ ම 17 වැනිදා සිට 21 වැනිදා දක්වා Lahore හි දී ද පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ උණුසුම ThePapare 1 සහ 1 HD (Dialog TV Ch. 62 සහ 126) සහ Dialog Play App හරහා විඳගත හැකියි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















