ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පෙර දින (5) අවසන් වූවා.
එහි දී හොරණ තක්ෂිලා විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන රශාන් නවාංජන කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව ලකුණු 31කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
මේ අතර පැවැති තරගවල දී කොළඹ වෙස්ලි විද්‍යාලයයේ ලිත්ම සෙනුජ (59), මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලශේන් ප්‍රනාන්දු (නොදැවී 61), මොරටු මහා විද්‍යාලයේ ඔෂද දිනියුරු (82) සහ සංජන සෙනෙවිරත්න (56), කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ සනුක කෙම්සර (52), කඳාන ද මැසිනෝද් විද්‍යාලයේ බිනාල් මෙන්ඩිස් (80) සහ හොරණ තක්ෂිලා විද්‍යාලයේ කුශාන් තීක්ෂණ (59) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- 17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තාන සංචාරයට එක් වෙයි
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- Lemonade Sixes කුසලානය වේල්ස් කුමරුවන්ට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 8ක් දැවී 208 (50.0) යෙනුල දන්තනාරායන 29, අවීෂ සමාශ් 43, පමෝද දල්පදාදු 23, දිල්ප මදුරංග 30, නිමිතක ගුණවර්ධන 28, සහස් ඉඳුවර 2/32, සහන් ජමත් 3/32, නෙතුප සංදිව් 2/40
- ගුරුකුල විද්‍යාලය – සියලුම දෙනා දැවී 84 (30.2) සහන් ජුමත් 41, නිම්තක ගුණවර්ධන 2/28, නුශාන් පෙරේරා 2/11, විග්නේශ්වරන් ආකාශ් 3/12, විශ්ව පීරිස් 3/21
කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 124ක ජයක්.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – කඩුලු 8ක් දැවී 143 (45.0) ලිත්ම සෙනුජ 59, ඩාවූඩ් හිල්මි 2/26, ඩිනාල් ප්‍රනාන්දු 2/11
තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙනවා.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
- මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියලුම දෙනා දැවී 145 (38.4) කවිත් ද සිල්වා 35, සතිමිර සිල්වා 22, ගවිෂ ඉඳුවර 21, අමීශ ප්‍රනාන්දු 31, රිසිනු ප්‍රභාශ් 2/12, තේජාන් බණ්ඩාර 2/18, ලශේන් ප්‍රනාන්දු 2/23, චමත් වෙල්ලාලගේ 2/13
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 147 (21.4) මෙශෝන් ප්‍රඩිනැන්ඩෝ 25, තිවංක ප්‍රනාන්දු 24, හිරුෂ පෙරේරා නොදැවී 37, ලශේන් ප්‍රනාන්දු නොදැවී 61, සවිඳු සත්සර 2/46
මොරටුව, සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
- ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ගමන් මග පිළිබඳ නිවේදනයක්
- අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”
- රාජකීයයන් 17න් පහළ 2 වැනි පෙළ ශූරතාවත් දිනා ගනී
මොරටු මහා විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය මොරටු විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – මොරටු මහා විද්‍යාලය
- මොරටු මහා විද්‍යාලය – කඩුලු 6ක් දැවී 238 (50.0) සවිඳු ශෙහාර 48, ඔෂද දිනියුරු 82, සංජන සෙනෙවිරත්න 56
- සාන්ත ආනා විද්‍යාලය – සියලුම දෙනා දැවී 162 (44.5) බිනර දෙනුවන් 22, සනුක කෙම්සර 52, ඉමන්ජිත් හේරත් 30, නිදුශාන් කවීෂ 2/22, සත්සර මිහිරංග 2/23
මොරටු මහා විද්‍යාලයට ලකුණු 76ක ජයක්.
හොරණ තක්ෂිලා විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය හොරණ Arons ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ද මැසිනෝද් විද්‍යාලය
- ද මැසිනෝද් විද්‍යාලය – සියලුම දෙනා දැවී 181 (45.2) ශාන් නෝනිස් 31, දනිදු අශේල් 27, බිනාල් මෙන්ඩිස් 80, රිවිනු ගුණතිලක 2/31, ඔශේන් දෙව්මිණ 2/40, රශාන් නවාංජන 6/31
- තක්ෂිලා විද්‍යාලය – සියලුම දෙනා දැවී 137 (40.5) ඔමාලික අමරසිංහ 41, කුශාන් තීක්ෂණ 59, අවිශ්ක සඳරුවන් 4/15, සස්මිත් හන්සෙස් 2/20, චාමික ප්‍රනාන්දු 2/23
කඳාන, ද මැසිනෝද් විද්‍යාලයට ලකුණු 44ක ජයක්.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය
- දේවපතිරාජ විද්‍යාලය – සියලුම දෙනා දැවී 79 (21.5) ගිම්හාන් රසාංජන 23, දිල්පහන් කුමාර 2/23, මයෝන් ප්‍රනාන්දු 3/16, ඔශේන් බිනර 4/14
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 80 (23.0) ඉසුරු ඉඳුවර නොදැවී 31, සාවියෝ ප්‍රනාන්දු නොදැවී 23
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















