ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරග අද (9) ආරම්භ වූ අතර එහි දී නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුශ්ක සහ සිනෙත් ජයවර්ධන ශතක වාර්තා කිරීමට සමත් වූවා.
එහි දී SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභියා වූවා.
එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ 2 වැනි ශතකයයි.
ඊට අමතර ව CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 114ක් ලබා ගත් අතර එය ඔහුගේ 58ක් වන විස්සයි විස්ස තරග දිවියේ මංගල ශතකයයි.
Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන ද අද තම 23ක් වන තම විස්සයි විස්ස තරග දිවියේ මංගල ශතකය වාර්තා කළා. ඔහු, Panadura SC කණ්ඩායමට එරෙහි තරගයේ දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණ 101ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Police SC කණ්ඩායමේ දුශාන් හේමන්ත (51), Moors SC කණ්ඩායමේ සොහාන් ද ලිවේරා (64), NCC කණ්ඩායමේ ජීවක සශීන් (85), Ace Capital CC කණ්ඩායමේ පවන් පතිරාජ (51) සහ CCC කණ්ඩායමේ දුලිනිත් සිගේරා (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Tamil Union C & AC කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් (4/33) සහ නවෝද් පරණවිතාන (4/41) දක්ෂතා දැක් වූවා.
>>පළමු වටයේ අවසන් ශතකය තනුජ ගෙන්
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
1 වැනි අර්ධ අවසන් පූර්ව තරගය, Panadura SC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union C & AC – කඩුලු 5ක් දැවී 220 (20.0)සිනෙත් ජයවර්ධන 101, නවෝද් පරණවිතාන 43, සචිත ජයතිලක නොදැවී 28, කලණ පෙරේරා 2/30
- Panadura SC – සියලුම දෙනා දැවී 179 (20.0)ඔෂද ප්‍රනාන්දු 34, ඩිල්ශාන් මුණවීර 31, රවීන් යසස් 39, චාර්ය පරණවිතාන 49, විජයකාන්ත් වියස්කාන්ත් 4/33, නවෝද් පරණවිතාන 4/41
Tamil Union C & AC කණ්ඩායමට ලකුණු 41ක ජයක්.
2 වැනි අර්ධ අවසන් පූර්ව තරගය, Police SC සහ SSC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- SSC – කඩුලු 4ක් දැවී 225 (20.0) විශාද් රන්දික 43,අවිශ්ක ප්‍රනාන්දු 24, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 117, නිපුන් ධනංජය 30, චමත් ගෝමස් 3/46
- Police SC – කඩුලු 9ක් දැවී 213 (20.0)තිලකරත්න සම්පත් 29, ධනුජ ඉඳුවර 20, දුශාන් හේමන්ත 51, චමත් ගෝමස් 24, චතුරංග කුමාර 28, නිපුන් ප්‍රේමරත්න 30, මිහිරංග සිල්වා 3/39, මල්ශ ප්‍රනාන්දු 2/27, දිනුර කළුපහන 247
SSC කණ්ඩායමට ලකුණු 12ක ජයක්.
3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය, Moors SC සහ NCC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – කඩුලු 7ක් දැවී 175 (20.0)පසිඳු සූරියබණ්ඩාර 22, සොහාන් ද ලිවේරා 64, මල්ෂ තරුපති නොදැවී 35, චාමික ගුණසේකර 2/37, සහන් ආරච්චිගේ 2/44
- NCC – කඩුලු 8ක් දැවී 178 (19.4)ජීවක සශීන් 85, චාමික කරුණාරත්න නොදැවී 18, දිනෙත් ගුණවර්ධන 31, මිලාන් රත්නායක 2/15, ඉඳුවර උදේන 3/24
NCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
4 වැනි අවසන් පූර්ව තරගය, Ace Capital CC සහ CCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.
- CCC – කඩුලු 4ක් දැවී 218(20.0)නිශාන් මදුශ්ක නොදැවී 114, දුල්නිත් සිගේරා 52, අශේන් බණ්ඩාර 26, ට්‍රවීන් මැතිව් 2/37
- Ace Capital CC – කඩුලු 8ක් දැවී 154 (20.0)තනුජ රාජපක්ෂ 24, චාමික හීනටිගල 23, පවන් පතිරාජ 51, දුවිඳු රණතුංග 2/31, අශේන් ඩැනියෙල් 3/23, ඉනුක කරන්නාගොඩ 2/27
CCC කණ්ඩායමට ලකුණු 64ක ජයක්.
මෙලෙසින් නිමා වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් ජයග්‍රහණය කළ Tamil Union C & AC කණ්ඩායම සහ CCC කණ්ඩායම අතර පැවැත්වෙන 1 වැනි අවසන් පූර්ව තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ද සහ SSC කණ්ඩායම සහ NCC කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි අවසන් පූර්ව තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද මේ මස 13 වැනිදා රාත්‍රී තරග ලෙසින් පැවැත්වීමට නියමිතයි.
Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















