සඳරු තරගාවලිය පළමු ශතකලාභියා වෙයි

U 17 Sri Lanka Youth League Tournament 2026

1
U 17 Sri Lanka Youth League Tournament 2026 - 24th August

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමේ ගෞරවය සඳරු මල්ශාන් හිමිකර ගත්තා.

ගාල්ල කණ්ඩායමේ නායකයා වන සඳරු මල්ශාන් පෙර දින (24) කොළඹ උතුර කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව කොළඹ උතුර කණ්ඩායමේ තිසඟ පෙරේරා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවා. ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහි ව පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 80ක් ද සහ පන්දු යැවීමේ දී ලකුණු 52කට කඩුලු 4ක් ද දවා ගත්තා.

ඔවුන්ට අමතර ව මහනුවර කණ්ඩායමේ කේශාන් යෝගරාජ් (55) අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගූ අතර මහනුවර කණ්ඩායමේ ශෂිත් බණ්ඩාර (5/11) දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී.

  • ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 270 (49.1) සඳරු මල්ශාන් 115, ගෙසඳු බිසස් 22, චෙනුල් මින්ලක නොදැවී 23, රවින් සචින්ත 26, තිසඟ පෙරේරා 4/52, හිමිර කුඩාගම 2/28
  • කොළඹ උතුර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 258 (37.3) ශැනෝන් සිල්වා 42, හිමිර කුඩාගම 30, තිසඟ පෙරේරා 80, විහඟ පෙරේරා 38, රවීන් සචින්ත 3/35, සසිඳු දිලක්ෂිත 2/54, සඳරු මල්ශාන් 2/44, චෙනුල් මින්ලක 2/42

ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 12ක ජයක්.

 

මහනුවර සහ දඹුල්ල අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • මහනුවර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 234 (50.0) යෙනුල හේවාවිතාරණ 28, කේශාන් යෝගරාජ් 55, චනුල් කොඩිතුවක්කු 26, ශෂිත් බණ්ඩාර 33, සනිතු ගුණරත්න 22, මන්දිල් ගුණවර්ධන නොදැවී 30, අමල් පෙරේරා 2/27, උදයකුමාර් ශෙනෝන් 3/41, තේජාන් බණ්ඩාර 2/43
  • දඹුල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 101 (34.4) මුරලිතරන් අනීශ් 23, අමල් පෙරේරා 22, ශෂිත් බණ්ඩාර 5/11, සිසිල් හේමක 2/12

මහනුවර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 133ක ජයක්.

මෙම තරගාවලියේ අද (25) විවේකී දිනය වන අතර හෙට (26) තවත් තරග ද්විත්වයක් අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<