කොළඹ දකුණ 3 වැනි ජයග්‍රහණත් ලබා ගනී

U 17 Sri Lanka Youth League Tournament 2026

2
Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් ද්විත්වයක් අද (23) අනුරාධපුරයේ දී නිමා වූ අතර එහි දී කොළඹ දකුණ කණ්ඩායම මෙවර තරගාවලියේ 3 වැනි ජයග්‍රහණත් වාර්තා කිරීමට සමත් වූවා.

එහි දී කොළඹ දකුණ කණ්ඩායමේ නායක ස්ටෙවෝන් පීරිස් මහනුවර කණ්ඩායමට එරෙහි ව පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 73ක් ද සහ එම කණ්ඩායමේ ම චෙනුක දොඩන්ගොඩ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව මහනුවර කණ්ඩායමේ චනුත් ජයසිංහආරච්චි කොළඹ දකුණ කණ්ඩායමට එරෙහි ව පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ද සහ ශෂිත් බණ්ඩාර පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ගාල්ල කණ්ඩායමේ චෙනුල් මින්ලක දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

මහනුවර සහ කොළඹ දකුණ අතර තරගය අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී.

  • මහනුවර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 300 (50.0) චෙනුත් ජයසිංහආරච්චි 82, යෙනුල හේවාවිතාරණ 46, සිසිල් හේමක 27, ශෂිත් බණ්ඩාර 77, සනිතු ගුණතිලක නොදැවී 46, මෙතුම් ප්‍රනාන්දු 2/44
  • කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 301 (49.3) මෙතුක ගුණරත්න 30, සශිඳු සිල්වා 20, දුශේන් උඩවෙල 48, රෙශාන් සොලමන් 20, ස්ටෙවෝන් පීරිස් 73, චෙනුක දොඩංගොඩ නොදැවී 61, මහිරු කොඩිතුවක්කු නොදැවී 18, ශෂිත් බණ්ඩාර 2/52, ඉමේෂ් දිසානායක 2/65, යුමාල් එගොඩගේ 2/38

කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

 ගාල්ල සහ දඹුල්ල අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 193 (37.2) විනුද රවිශාන් 20, ලසිර ලක්දිනු 33, සඳරු මල්ශාන් 33, ගෙසඳු බිසස් 39, අමල් පෙරේරා 2/34, තේජාන් බණ්ඩාර 3/43
  • දඹුල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 173 (43.4) දසිස් බණ්ඩාර 24, අමල් පෙරේරා 41, චමෝද් ප්‍රභාශ 23, මානිත රාජපක්ෂ 3/31, චෙනුල් මින්ලක 4/16

ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 20ක ජයක්.

මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට 24 වැනිදා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<