පුහුණු තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අභිබවා යයි

India Tour of Sri Lanka 2026

3
India Tour of Sri Lanka 2026

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය ආරම්භ කරමින් පැවැති එක ම තෙදින පුහුණු තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (9) සමත් වෙනවා.

කොළඹ,  NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමු දින 2 නිමා වෙන්නේ තම තමන්ගේ පළමු ඉනිම් ක්‍රීඩා කරමිනුයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් XI ක්‍රීඩකයෝ පළමු දිනයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 363ක් ලබා ගන්නවා. එම දිනයෙන් ඔවුන්ගේ ඉනිම අවසන් වන අතර ඊට පසු දිනයේ දී තම පළමු ඉනිමට ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 357ක් ලබා ගන්නවා.

අද දවස ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමේ 2 වැනි ඉනිමෙනුයි. එහි දී ඔවුන් දිනයේ යැවිය යුතු පන්දුවාර ප්‍රමාණයෙන් හරි අඩක් ක්‍රීඩා කරමින් කඩුලු 6ක් දැවී ලකුණු 200ක් ලබා සිටිය දී ඉනිම අත් හිටුවනවා. ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමේ ඉලක්කය ලකුණු 207ක් වූව ද තරගයේ ඉතිරි අඩ නිමා වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 214ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමේ 2 වැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ආරම්භක පිතිකරු නිශාන් ප්‍රනාන්දු. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූවා.

ඊට අමතර ව නිපුන් ධනංජය පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ද, අංජල බණ්ඩාර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ද සහ රමේෂ් මෙන්ඩිස් ඉනිම අවසන් වෙද්දී පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ravindra Jadeja සහ Gurnoor Brar කඩුලු ද්විත්වය බැගින් ද, Mohammed Siraj සහ Prasidh Krishna කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු Yashasvi Jaiswal පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූවා. ඔහු එලෙසින් ඉවත් වෙද්දී Shubman Gill සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 100ක් ද එක් කර තිබුණා.

Shubman Gill පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය අවසන් වෙද්දී Mohammed Siraj පන්දු 15ක දී හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ Rishabh Pant පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කේශර නුවන්ත ලකුණු 57කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විශ්ව ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (90.0) නිශාන් මදුශ්ක 66, රවිඳු රසාන්ත 71, පසිඳු සූරියබණ්ඩාර 35, පවන් රත්නායක 39, අහන් වික්‍රමසිංහ 31, සොනාල් දිනූෂ 52, රමේෂ් මෙන්ඩිස් 32,  Ravindra Jadeja 2/64, Kuldeep Yadav 2/76, Manav Suthar 2/33
  • ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 357 (90.0) KL Rahul 40, Devdutt Padikkal 142, Ravindra Jadeja 63, Manav Suthar 41, Saransh Jain 22, Gurnoor Brar නොදැවී 36, රමේෂ් මෙන්ඩිස් 2/77, අසංක මනෝජ් 2/32
  • ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 200 (45.0) නිශාන් ප්‍රනාන්දු 63, අංජල බණ්ඩාර 35, නිපුන් ධනංජය 46, Gurnoor Brar 2/37, Ravindra Jadeja 2/33
  • ඉන්දියාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 214 (45.0) Yashasvi Jaiswal 61, Shubman Gill 44, Rishabh Pant 28, Ravindra Jadeja 22, Mohammed Siraj නොදැවී 32, කේශර නුවන්ත 2/57

ඉන්දියාවට කඩුලු 6ක ජයක්.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<