2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු තරග දිනය ඊයේ (24) නිමාවට පත් වුනා.
ඊයේ දිනය තුල ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයක් සඳහා සහභාගී වෙමින් සිය අවස්ථා උරගා බැලීමට සමත් වුනා.
මෙහි දී පිහිනුම් ඉසව්ව නියෝජනය කළ මිනගි රූපසිංහ කාන්තා මීටර් 200 පසුපස ආර පිහිනුම් ඉසව්ව නියෝජනය කළ අතර, එහි පළමු තරග වටයට සහභාගී වූ ඇය සිව්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.
මූලික තරගවට ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම තරග ඉසව්වෙන් ඉදිරියට යාමට ඇයට නොහැකි වූ අතර, ඇය සමස්ත මූලික වටයේ 14 වැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.
මේ අතර රිද්මයානුකූල ජිම්නාස්ටික් පිරිමි ඒකල සුදුසුකම් ලැබීමේ මූලික තරග වටයේ Floor Exercise සහ Pommel Horse තරග වට නියෝජනය කළ නදිල නෙත්විරු එම තරග වට දෙකේ දී ම 20 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර ක්‍රීඩා උළෙලේ පළමු දින සඳහා අවසන් ශ්‍රී ලාංකික නියෝජනය වූ චමිල් පත්මසිරි පිරිමි බොක්සිං 65Kg බර පන්තිය යටතේ Round of 32 තරග වටයට සහභාගී වූ අතර, එහි දී ඔහුට සැම්බියාවේ Emmanuel Katema හමුවේ පරාජයට පත් වීමට සිදු වුනා.
ක්‍රීඩා උළෙලේ පළමු දිනයට අදාළ තරග ඒ අයුරින් නිමාවට පත් වන අතර, දෙවැනි දිනය සඳහා අද (25) තවත් තරග රැසක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට සූදානම්ව සිටින්නේ මේ අයුරිනුයි,
රිද්මයානුකූල ජිම්නාස්ටික් – කාන්තා ඒකල සුදුසුකම් ලැබීමේ තරග වටය
- නුයාර නිසින්දි – All Around
- ටියානා සුමනසේකර – Balance Beam
බොක්සිං
- පිරිමි Lightweight 60Kg Round of 32 – රවිඳු ජයනාත්
- පිරිමි Lightweight 80Kg Round of 32 – සිතිජ ප්‍රතාප්
පිහිනුම්
- පිරිමි මීටර් 50 නිදහස් ආර – F.Muhammad
- කාන්තා මීටර් 100 පසුපස ආර – මිනගි රූපසිංහ
ක්‍රීඩා උළෙලේ පළමු දිනය අවසන් වන විට රටවල් 09ක් පදක්කම් සටහනට පිවිසීමට සමත් වී ඇති අතර, එහි දී ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 06ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට සමත් වී සිටිනවා.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















