සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත් වෙන තරග 2කින් සමන්විත සිව් දින නිල නොලත් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
දෙරට අතර මීට පෙර පැවැති යොවුන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියෙන් 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සමත් වුණා.
සිව් දින යොවුන් ටෙස්ට් තරගයට නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර නම් කර ඇති අතර කණ්ඩායමේ උප නායක්තවයට නම් කර ඇත්තේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ යි.
මෙම සංචිතයට 17 වැනි වියේ පසුවෙන සෙනුජ වැකුණුගොඩ, රෙහාන් පීරිස්, ලතේන්ද්‍ර ආකාශ් සහ ඔෂද මනහර ද නම් කර තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව සමඟ තරග බිමට පිවිසෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 17 වැනි වියේ පසුවෙන් කඩුලු රකින ක්‍රීඩක Sagar Virk වෙතයි. ඔහු සමඟින් මෙම කණ්ඩායම නියෝජනය කිරීමට 16 වැනි වියේ පසුවෙන Kushagra Ojha සහ Priyanshu Singh ද නම් කර ඇති අතර සිව් දින තරගාවලියට නම් කරන ලද ඉන්දීය සංචිතයේ බහුතරයක් ක්‍රීඩකයෝ යොවුන් සිව්දින ටෙස්ට් තරගවලට නවකයෝයි.
- පියයුරු පිළිකාවට එරෙහි ජාතික හඬක් බවට පත් වන ක්‍රිකට් තරගය LPL Pink Match
- ශ්‍රී ලංකා යෞවනයෝ 2-1කින් ඉන්දියාව පරාජය කරයි
- ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි
- ඕස්ට්‍රේලියාව 7 වැනි වරටත් ලෝක ශූරියන් වෙයි
- Elephant House Lemonade Sixes එළඹෙන අගෝස්තු මාසයේ දී!
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය
විමත් දින්සර (නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), කවිජ ගමගේ (උප නායක – කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර), දිමන්ත මහවිතාන (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), රෙහාන් පීරිස් (රාජකීය විද්‍යාලය, කොළඹ), සෙනුජ වැකුණුගොඩ (සාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන), චාමික හිනටිගල (මහානාම විද්‍යාලය, කොළඹ), ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා -සානත් පීතර විද්‍යාලය, බම්බලපිටිය), දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය, කොළඹ), එස්. ඒ. ඉඳුවර (රාජකීය විද්‍යාලය, කොළඹ), විග්නේශ්වරන් ආකාශ් (සාන්ත ජෝසප් විද්‍යාලය, මරදාන), ලතේන්ද්‍ර ආකාශ් (ශ්‍රී සුමංගල විද්‍යාලය, හික්කඩුව), රමිරු පෙරේරා (රාජකීය විද්‍යාලය, කොළඹ), ඔෂද මනහර (ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ), දිමත් අබේසිංහ (මලියදේව විද්‍යාලය, කුරුණෑගල), චමරිඳු නෙත්සර (කඩුලු රකින්නා – සාන්ත සර්වේශස් විද්‍යෘලය, මාතර), විරාන් චමුදිත (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර).
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ සංචිතය
Sagar Virk (නායක සහ කඩුලු රකින්නා), Manal Chauhan, Pranav Ragavendra, Jeganathan Hemchudeshan, BK Kishore, Lakshya Raichandani, Manav Krishna, Kushagra Ojha, Rohit Yadav, Kavya Paresh Patel, Aryan Sakpa (කඩුලු රකින්නා), Priyanshu Singh, Kush Patel සහ Chigurupati Venkata.
කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වෙන 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ජුලි මස 20 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















