2026 පාපන්දු ලෝක කුසලානයේ 28 වැනි දිනයට අදාළ ව එක් තරගයක් අද (10) උදෑසන පැවැත්වුණා.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගය මොරොක්කොව සහ ප්‍රංශය අතර ක්‍රියාත්මක වූ අතර, එය 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගය නැවත සිහි ගැන්වූ අවස්ථාවක් ද වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ප්‍රංශය විසින් මොරොක්කෝ ක්‍රීඩකයින්ට වඩා ඉදිරියෙන් පසු වූ නමුත්, ඔවුන්ට එහි දී ගෝල වාර්තා කිරීමට නොහැකි වුනා. මෙහි දී Kylian Mbappe හට පහසු දඬුවම් පහරක් හිමි වූ නමුත්, මොරොක්කෝ දැල් රකින්නා වන Yassine Bounou විසින් එම දඬුවම් පහර එල්ල කිරීම ව්‍යර්ථ කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ප්‍රංශය විසින් සිය තර්ජනය තවත් ඉහළ දැමූ අතර, ඒ අනුව තරගයේ 60 මිනිත්තුවේ දී Mbappe විසින් අනර්ඝ ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට ජයග්‍රාහී බලාපොරොත්තු ලබා දීමට සමත් වුනා. ඉන් පසුව තරගයේ 66 වැනි මිනිත්තුවේ දී Ousmane Dembele ද ක්‍රියාත්මක වෙමින් ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම ප්‍රංශයේ ජය තහවුරු වුනා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙම තරගය තුළ ප්‍රංශය විසින් මොරොක්කෝ දැල ඉලක්ක කර ගනිමින් පහර 09ක් එල්ල කරනා අතරේ, මොරොක්කෝව විසින් දැල ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සමත් වුනේ එක් ප්‍රහාරයක් සමඟයි.
එමෙන්ම මෙම තරගයේ වාර්තා කළ ගෝලයත් සමඟ Mbappe මෙවර තරගාවලියේ සිය 08 වැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟම Messi සමඟ ඇති Golden Boot සඳහා සටනේ පෙරමුණට පැමිණීමට ද Mbappe සමත් වුනා.
එමෙන්ම මෙය Mbappeගේ 20 වැනි ලෝක කුසලාන ගෝලය ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.
මේ අතර Ousmane Dembele විසින් මෙවර තරගාවලියේ 05 වැනි ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ අනුව 2002 වසරේ දී බ්‍රසීලය වෙනුවෙන් Ronaldo ගෝල 8ක් සහ Rivaldo ගෝල 05ක් වාර්තා කිරීමෙන් අනතුරුව, එකම කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු තරගාවලියක ගෝල පහක් හෝ ඊට වඩා වාර්තා කළ පළමු අවස්ථාව සටහන් කිරීමට සමත් වුනා.
මේත් සමඟම මොරොක්කෝවට මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වී යාමට සිදු වූ අතර, මෙය ඔවුන්ගේ දෙවැනි සාර්ථකම ලෝක කුසලාන තරගාවලිය ලෙසයි සටහන් වන්නේ.
මේ අතර ප්‍රංශය නොකඩවා තෙවැනි වතාවටත් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, මීට පෙර එසේ සුදුසුකම් ලැබූ අවස්ථා ද්විත්වය තුළ ම ඔවුන් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුනා.
ඒ අනුව ප්‍රංශය ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගනිද්දී, ඔවුන්ගේ ප්‍රතිවාදීන් තෝරා ගැනීම වෙනුවෙන් සටන හෙට මධ්‍යම රාත්‍රි 12.30ට ස්පාඤ්ඤය සහ බෙල්ජියම අතර පැවැත්වීමට නියමිතයි.
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















