සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (9) සමත් වෙනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), දිමන්ත මහවිතාන, රෙහාන් පීරිස්, සෙනුජ වැකුණුගොඩ, කවිජ ගමගේ, කිත්ම විතානපතිරණ, චාමික හිනටිගල, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සෙත්මික සෙනෙවිරත්න, ගිම්හාන් මෙන්ඩිස් සහ ලතේන්ද්‍ර ආකාශ්
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Yashbardhan Chauhan (නායක), Rajat Baghel (කඩුලු රකින්නා), VK Vineeth, Lakshya Raichandani, Kushagra Ojha, Arjun Rajput, Shavin Vinodh, Mohit Ulva, Anmoljeet Singh, Rohit Yadav සහ Ishan Sood.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් පමණක් දැවී අවසන් පන්දුවේදී තම ජයග්‍රහණය සහතික කර ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ චාමික හීනටිගල. ඔහු අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණ ලබා ගනිද්දී පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා සිටියා.
ඔහුට අමතර ව සෙනුජ වැකුණුගොඩ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ද, කිත්ම විතානපතිරණ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද, ගිම්හාන් මෙන්ඩිස් පන්දු 22ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද සහ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Anmoljeet Singh ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Shavin Vinodh ලකුණු 41කට කඩුලු 3ක් ද සහ Mohit Ulva ලකුණු 66කට කඩුලු 2ක් ද දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ VK Vineeth. ඔහු පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 131ක් ලබා ගත්තා.
ඊට අමතර ව Lakshya Raichandani පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ද සහ Shavin Vinodh පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සෙත්මික සෙනෙවිරත්න ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 63කට කඩුලු 2ක් ද සහ කවිජ ගමගේ කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 290 (50.0) VK Vineeth 131, Lakshya Raichandani 61, Shavin Vinodh 26, Mohit Ulva නොදැවී 19, සෙත්මික සෙනෙවිරත්න 4/41, ගිම්හාන් මෙන්ඩිස් 2/63
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 291 (50.0) දිමන්ත මහවිතාන 22, සෙනුජ වැකුණුගොඩ 67, කවිජ ගමගේ 29, කිත්ම විතානපතිරණ 31, චාමික හීනටිගල නොදැවී 84, ගිම්හාන් මෙන්ඩිස් 23, Shavin Vinodh 3/41, Mohit Ulva 2/66, Anmoljeet Singh 4/42
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයග්‍රහණයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















