18න් පහළ පැසිපන්දු ආසියානු කුසලාන තරගාවලියට (FIBA U18 Asia Cup) සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන, දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය (SABA Qualifiers) ඊයේ (25) දිනයෙන් ආරම්භ වුනා.
කාන්තා සහ පිරිමි තරග අංශ ද්විත්වය යටතේ ම මෙම තරගාවලිය ක්‍රියාත්මක වන අතර, ඊයේ දිනය තුළ ක්‍රියාත්මක වූ තරග තොරතුරු පහතින් දැක්වෙනවා.
පිරිමි අංශය – පළමු තරගය
තරගාවලිය ආරම්භ කිරීම වෙනුවෙන් ඉන්දීය සහ මාලදිවයින් කණ්ඩායම් පිටියට අවතීර්ණ වූ අතර, තරගයේ පළමු කාර්තුවේ දී මාලදිවයින් ආරක්ෂක වලල්ල විසින් ඉන්දීය ක්‍රීඩකයින් තරමක් මෙල්ල කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඉන්දියාව පසුව තරගය සම්පූර්ණයෙන්ම තමන්ගේ යටතට ගැනීමට සමත් වෙමින් ජයග්‍රහණය කරා යෑමට සමත් වුනා. ඉන්දීය අංක 21 ක්‍රීඩක Arman තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
- ඉන්දියාව 130 – මාලදිවයින 60
කාන්තා අංශය – පළමු තරගය
කාන්තා අංශය වෙනුවෙන් තරගාවලිය ආරම්භ කිරීම සඳහා ද මාලදිවයින පිටියට අවතීර්ණ වූ අතර, සත්කාරක ශ්‍රී ලංකාව අනිත් අන්තයෙන් තරගයට ඉදිරිපත් වුනා.
තරගයේ දී ශ්‍රී ලංකාව වඩාත් ඉහළ දස්කම් දක්වමින් පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, තරගයේ දෙවැනි සහ තෙවැනි කාර්තුවල දී ශ්‍රී ලංකාවේ දක්ෂතා ඉහළ මට්ටමට පැවතුණා.
තරගයේ වීරවරිය සම්මානය ශ්‍රී ලංකා නායිකා බිනුති ජයසිංහ හට හිමි වුනා.
- ශ්‍රී ලංකාව 74 – මාලදිවයින 44
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
පිරිමි අංශය – දෙවැනි තරගය
සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පළමු දිනයේ අවසන් තරගය වෙනුවෙන් පිටියට පිවිසුණු අතර, එහි දී ශ්‍රී ලංකාව තරගයේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීමට සමත් වුනා.
මෙම තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ ආරෝන් ජෙරාල්ඩ් හට හිමි වූ අතර, ඔහු බංග්ලාදේශයට එරෙහිව ලකුණු 20ක් රැස් කිරීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව 132 – බංග්ලාදේශය 38
FIBA U18 Asia Cup SABA Qualifier 2026 පැසිපන්දු තරගාවලියේ පළමු දිනයට අදාළ තරග ඊයේ ඒ අයුරින් ක්‍රියාත්මක වූ අතර, අද (26) දිනය තුළ දී ද තවත් තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වුනා. එම තරග විස්තර ද ඇතුළුව සමස්ත තරගාවලිය පිළිබඳව ද තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















