ශ්‍රී ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ක්‍රීඩක සංචිත නම් කරයි

Sri Lanka Tour Of West Indies 2026

4
Sri Lanka Tour Of West Indies 2026

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රිකට් සංචිත ත්‍රිත්වය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට නව පත් කිරීම් සිදු කිරීමෙන් අනතුරුව නම් කළ පළමු ක්‍රීඩක සංචිත මෙය වන අතර, මෙහි දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. මෙම සංචිත ත්‍රිත්වයේ ම උප නායකත්වය කමිඳු මෙන්ඩිස් හට හිමි වී තිබීමත් සුවිශේෂී කරුණක්.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය;

 

පැතුම් නිස්සංක, ලහිරු උදාර, නිශාන් මදුශ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූශ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, ඉසිත විජේසුන්දර සහ කසුන් රාජිත

ශ්‍රී ලංකාව මේ වන විට වසරකට ආසන්න කාලයක් තුළ එකදු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා නොකිරීමත් විශේෂ අවධානයක් හිමි වන කාරණයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය

නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!

ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී

ශ්‍රී ලංකා එක්දින සංචිතය

 

පැතුම් නිස්සංක, කමිල් මිශාර, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස්, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, එශාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුශාන්

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය

 

පැතුම් නිස්සංක, කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, එශාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මැයි මස 26 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<