මැකාවූ පාපන්දු ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව පැත්තෙන් සිටගනී

697

2022 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු අදියරේ තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මැකාවු පාපන්දු සංගමය හා එරට රජය කටයුතු සම්පාදනය කරන තුරු මැකාවු ජාතික සංචිතයේ ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මැකාවු පාපන්දු සංගමයට ශ්‍රී ලංකාවෙන් දැඩි පිළිතුරක්

මැකාවු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණු 2022 FIFA ලෝක කුසලාන තේරීම්…

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ FIFA හා ආසියානු පාපන්දු සම්මේලනය මැකාවු කණ්ඩායමට සඳහා සකසන ලද නියමිත ආරක්ෂක වැඩ පිළිවෙළ පිළිබඳ සෑහීමට පත් වූ බවයි. ඒ මෙන්ම ඔවුන් පවසා තිබුණේ දෙවන අදියර සැලසුම් කළ පරිදිම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් ගැටලුව වෙනතකට හරවමින් මැකාවු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පවසා තිබුණේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තරගය ක්‍රීඩා කිරීමට කැමති බවයි. ඔවුන් මැකාවු පාපන්දු සංගමයට සිය විරෝධය පළ කර තිබුණු අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 24 දෙනෙක්, වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් 11 දෙනෙක් හා වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩකයින් 13 දෙනෙක් ජාතික සංචිතවලින් ද ඉවත් වී සිය දැඩි අප්‍රසාදය පළ කර තිබුණා.

මැකාවු කණ්ඩායම ලංකාවට එන්න බැහැ කියයි

මැකාවු පාපන්දු සංගමය (MFA) විසින් මැකාවු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට අකමැත්ත පළ කර…

මැකාවු කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයෙකු වන කා හිම් ලේ (Ka Him Lei) සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබුණා.

“අපි හිතනවා අපිට තිබෙනවා හොඳ අවස්ථාවක් මැකාවු ජනතාවට, අපේ පවුල් වලට අපේ ප්‍රේක්ෂකයින්ට ජාතික කණ්ඩායම පිළිබඳ ආඩම්බර වෙන්න ඉඩක් ලබා දෙන්න මෙම තරගය ක්‍රීඩා කරලා. මැකාවු පාපන්දුවට පසුගිය වසර කිහිපයේම එතරම් ගෞරවයක් ලැබුණේ නැහැ. අපේ ප්‍රධාන අරමුණට අපි වසර ගණනක් පුරා මහන්සි වුනා ඒ නිසා අපි කැමති නැහැ එම අවස්ථාව අපේ ඇඟිලි වලින් ලිස්සලා යන්න ඉඩ තියන්න.”

“තවම අපි මීළඟ වටයට යෑම ස්ථිර නැහැ නමුත් අපිට ඕන තවත් මිනිත්තු 90ක් ක්‍රීඩා කරලා සටන් කරලා එම ඉලක්කයට යන්න අපගේ උපරිමය ලබා දෙන්න. මැකාවු වෙනුවෙන් හා මැකාවු හි පාපන්දු අනාගතය වෙනුවෙන් මෙය ඉතා වැදගත් පියවරක්.”

“පහත නම් සඳහන් ක්‍රීඩකයින් සියලු දෙනාට ශ්‍රී ලංකාවට ගිහින් දෙවන අදියර ක්‍රීඩා කරන්න ඕන. අපි ඉල්ලා සිටිනවා මැකාවු පාපන්දු සම්මේලනය හා රජයට මේ පිළිබඳ සාකච්ඡා කරලා ඉක්මන් විසඳුමක් ලබා දෙන්න කියලා. එසේ නොවන්නේ නම් මෙම ක්‍රීඩකයින් සියලු දෙනාම මීට පසු මැකාවු වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරන්නේ නැහැ.”

ජාතික කණ්ඩායම් ක්‍රීඩකයින්.

Kong Cheng Hou – Nicholas Torrao – Lam Ngai Tong – Chan Pak Chun – Ho Man Fai – Lei Keng Pan – Lei Ka Him – Kam Chi Hou – U Wai Chon – Fong Chi Hang – Soares – Lam Ka Pou – Chan Man – Ng Wa Keng – Ng Wa Seng – Ho Man Hou – Wong Vernon – Pang Chi Hang – Ho Ka Seng – Lam Ka Seng – Cheong Hoi San – Leong Ka Hang – Filipe Duarte – Lei Chi Kin

වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින්

Sou Chit – Cheng Ka Chon – Wong Tek Ka – Lei Hou In – Jorge Marcelo Vitorino – Lei Chan Tou – Wan Tin Lao – Tai Lok In – Si Tou Seng Hang – Heilong Wong – Ip Leong

වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩකයින්

Lok Weng Hang – Chan Hang Kit – Wong Pou Chon – Cheang Ka Lok – Kong U Chon – Sio Rong Rui – Ng Chi Hou – Man Chak Nam – Lou Chon Hei – Chan Chak Meng – Ku Koi Fai – Wong Weng Hei – Leong Lek Hang

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<