ශ්‍රී ලංකා – ඉන්දියා 19න් පහළ ක්‍රිකට් ගැටුමට දින වෙන් කෙරේ

1
India U19 Tour Of Sri Lanka 2026

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට ඉන්දීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

එළඹෙන ජුලි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් ඇතුළත් වනවා.

එක්දින තරග කාලසටහන

  • පළමු තරගය – ජුලි 04
  • දෙවැනි තරගය – ජුලි 06
  • තෙවැනි තරගය – ජුලි 09

එක්දින තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, සිව්දින තරග ද්විත්වය ගාල්ලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

  • පළමු සිව්දින තරගය – ජුලි මස 13 සිට 16 දක්වා (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
  • දෙවැනි සිව්දින තරගය – ජුලි 20 සිට 23 දක්වා (කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී)

තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම එළඹෙන ජුනි මස 30 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<