2026 LPL තරගාවලියට සහභාගී වන Colombo Kaps කණ්ඩායම Witness Sports Alliance LLC සමාගම් හිමිකාරිත්වය යටතේ නව මුහුණුවරකින් පැමිණීමට නියමිතයි.
Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan යන මහත්වරුන්ගේ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම කණ්ඩායම වාණිජමය වටිනාකමින් ඉහළ, තරගකාරී සහ ප්‍රේක්ෂක ප්‍රසාදය හිමි කර ගන්නා අයුරින් ඉදිරියට රැගෙන යාම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
Colombo Kaps කණ්ඩායම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සතු විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා මේ වන විටත් Pre – Singing අවස්ථාව යටතේ සම්බන්ධ කර ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා සමඟ ජාත්‍යන්තර අත්දැකීම් බහුල කණ්ඩායමක් නිර්මාණය කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය සූදානමින් සිටිනවා.
නව කණ්ඩායම් හිමිකාරිත්වය පිළිගනිමින් LPL අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා විසින් අදහස් දක්වමින්, කණ්ඩායම් හිමිකරුවන් විසින් ලීගයේ වර්ධනය සඳහා සිය දායකත්වය ලබා දීම අගය කර තිබුණා.
මෙම ක්‍රිකට් තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















