Jaffna Kings 2026 LPL තරගාවලියට නව හිමිකාරිත්වයක් යටතේ පැමිණෙයි

LPL 2026

2

2026 LPL තරගාවලියට සහභාගී වන Jaffna Kings කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දීය ව්‍යවසායකයින් දෙදෙනෙකු වන Manjot Kalra සහ Mayank Goel යටතේ පවතින Sports Commune සමාගම විසින් ලබා ගෙන තිබෙනවා. 

ඉන්දීය 19න් පහළ ලෝක කුසලාන ක්‍රීඩකයකු, මෙන්ම පසුව විද්‍යුත් මාධ්‍ය සහ ක්‍රීඩා ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂඥයකු ලෙසින් ඉදිරියට පැමිණි Manjot Kalra සහ විද්‍යුත් ආරක්ෂාව (Digital Security) පිළිබඳ විශේෂඥයකු ලෙස මෙන්ම තවත් ව්‍යාපාර කිහිපයක හිමි කරුවකු ලෙස ද කැපී පෙනෙන Mayank Goel විසින් මෙම කණ්ඩායමට නව්‍ය මුහුණුවරක් රැගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා. 

විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔවුන්ට ඇති නැමියාව සමඟ මෙවර සිට Jaffna Kings කණ්ඩායම ලීගයේ අනාගතය වෙනුවෙන් වෙනම ම මාවතකට පෙලඹෙනු ඇතැයි අනුමාන කළ හැකි. 

මේ වන විටත් කණ්ඩායම විසින් Pre-Singing අවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන භානුක රාජපක්ෂ සහ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද සිය සංචිතයට එක් කර ගෙන හමාරයි. 

මෙම ක්‍රිකට් තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<