කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 66 වැනි වරටත් පැවැත් වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වීමට නෙත්සර යශ්මිත සමත් වුණා.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (8) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තිස්ස මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.
තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මලිඳු ඩිල්ශාන් (නායක), නෙත්සර යශ්මිත, මින්දෙව් හංසන, කරුණාමුණි අශේන්, සිතුම් මිහිරංග (කඩුලු රකින්නා), තාරුක සමින්ජිත්, හශේන් ඉම්සර, විකුම් සසිඳු, සදෙව් ඩිල්ශාන්, විශ්ව ඔශාන් සහ චරින් ගයුක.
කළුතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ශීර්ෂ තාරක (නායක), අකේන් ශමින්ද, හිරුෂ ගගනක, නෙතුල් නිම්සර, රදීශ තීක්ෂණ, රවිශ්ක ගිම්හාන්, සෙතුක දින්හස්, තිනෙත් තාලුජ, ටුමාශ සදේව්, විහඟ සපුමල් (කඩුලු රකින්නා) සහ යදීශ හසරංග.
තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම ආරම්භ කළ නෙත්සර යශ්මිත තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නරත කරන විට පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 130ක් ලබා සිටියා.
එම ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරු ව නෙත්සර යශ්මිත සහ කරුණාමුණි අශේන් 2 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් එක් කරමින් තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමට ජීවය එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ කරුණාමුණි අශේන් ගේ දැවී යෑමත් සමඟිනුයි.
ඔහු ඉනිම හැර යන විට පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.
- දඹුලු ක්‍රීඩකයෝ නැවතත් NSL ශූරතාව දිනා ගනී
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය 3-0කින් පරාජය කරයි
- 13න් පහළ ජයග්‍රහණයට ලකුණු 2ක් හරස් වෙයි
- NSL කාන්තා T20 ශූරතාව Greens ක්‍රීඩිකාවන්ට
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
ඉන් අනතුරු ව 4 වැනි කඩුල්ලට ද ලකුණු 82ක සබඳතාවක් එක් කිරීමට නෙත්සර යශ්මිත නැවත පෙරමුණ ගන්නවා. ඔහු ඒ සඳහා එක් කර ගන්නේ නායක මලිඳු ඩිල්ශාන්. තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම ලකුණු 225ක් වෙද්දී ඔහු ඉනිම හැර යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිනයේ යැවිය යුතු පන්දුවාර 30ක් අහිමි වූ අතර ඒ වෙද්දී රවිශ්ක ගිම්හාන් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව යදීශ හසරංග, නායක ශීර්ෂ තාරක සහ හිරුෂ ගගනක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 247 (60.0)නෙත්සර යශ්මිත නොදැවී 130, කරුණාමුණි අශේන් 40, මලිඳු ඩිල්ශාන් 51, රවිශ්ක ගිම්හාන් 2/24
මෙම තරගය හෙට (9) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















