එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපති ධුරයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අද (29) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.
ඊයේ (28) දිනයේ දී ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය වගකීම්වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම කමිටුව ප්‍රකාශයට පත් කළ අතර, එහි සභාපති ධුරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාට හිමි වී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් සඳහන් කරන පරිදි 1973 අංක 25 දරන පනතේ 31 සහ 34 වගන්ති අනුව මෙම ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය යටතට පත් වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි/
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර මෙහි අනෙක් කමිටු සාමාජිකයින් ලෙස රොශාන් මහානාම, කුමාර් සංගක්කාර, තුශිර රදැල්ල, සිදත් වෙත්තමුණි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ශාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම සහ ඩිනාල් පිලිප්ස් යන අය කටයුතු කරනු ඇති.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරන අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇති මෙම කමිටුව “ක්‍රිකට් පරිවර්තන කමිටුව” ලෙස හැඳින්වෙනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















