ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය කෝට්ටේ සටන ජය ගනී

47th Battle of The Kotte

7
47th Battle of the Kotte

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර 47 වැනි වරටත් පැවැති කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සමත් වුණා.

ඒ අනුව ඔවුන් මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අවස්ථා 11ක දී ශූරතාව දිනා තිබෙන අතර ඔවුන් මෙවර ජයග්‍රහණය කරන්නේ පිට පිට 2 වැනි වතාවටයි.

කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිම ලකුණු 111කට සීමා වෙනවා.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබා සිටි අතර ඔවුන්ගේ එම ඉනිම අද සියලුම දෙනා දැවී අවසන් වෙද්දී ලකුණු 200ක් බවට පත් ව තිබුණා.

පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි ප්‍රමෝදර සත්සර එම ඉනිම අවසන් වන විට පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දිමිත්‍රි ඇන්තනී සහ නිදුශාන් කවිෂ කඩුලු 3ක් බැගින් දවා ගත්තා.

ලකුණු 89ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ එවර ලබා සියලුම දෙනා දැවී ලකුණු 118ක් ලබා ගන්නවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 30ක් අවශ්‍ය වූ අතර එය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට ඔවුන් සමත් වෙනවා.

සාන්ත තෝමස් විද්‍යාලයීය 2 වැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ නිදුශාන් කවීෂ. ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා. ඊට අමතර ව අවිනාශ් පෙරුමාල් ද පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නිශිත් ශෙහෙංක සහ සහ තුලන සෙතුම් කඩුලු 3ක් බැගින් ද, මනුත් මල්සුක සහ රුසිරු රිශ්මිත කඩුලු ද්විත්වය බැගින් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 8ක් වෙද්දී දැවී යන අතර 3 වැනි කඩුල්ල ද ලකුණු 16ක් වෙද්දී අහිමි වෙනවා. ඉන් අනතුරු ව තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී දහම් කෞශල්‍ය නොදැවී ලකුණු 12ක් ද සහ ප්‍රමෝදර සත්සර නොදැවී ලකුණක් ද ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයෙන් කඩුලු ද්වත්වයක් දිමිත්‍රි ඇන්තනී විසින් ද සහ ඉතිරි කඩුල්ල නිදුශාන් කවීෂ ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 111 (40.2) නෙත්සර කාව්‍ය 46, ටලීෂ සිල්වා 3/29, මනුත් මල්සුක 3/28
  • ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (52.2) ප්‍රමෝදර සත්සර නොදැවී 54, දහම් කෞශල්‍ය 85, දිමිත්‍රි ඇන්තනී 2/33, දිමිත්‍රි ඇන්තනී 3/49, නිදුශාන් කවීෂ 3/66
  • සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 118 (57.0) නිදුශාන් කවීෂ 36, අවිනාශ් පෙරුමාල් 27, මනුත් මල්සුක 2/18, නිශිත් ශෙහංක 3/24, රුසිරු රිහ්මිත 2/26, තුලන සෙතුම් 3/29
  • ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවි 34 (3.5) දිමිත්‍රි ඇන්තනී 2/15

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<