නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි

New Zealand A Tour of Sri Lanka

1
Cricket

එක්දින සහ සිව්දින ක්‍රිකට් තරගාවලි ද්විත්වයකට සහභාගී වීම සඳහා නවසීලන්ත A කණ්ඩායම එළඹෙන අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ දී එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග ද්විත්වයක් පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත නවසීලන්ත A කණ්ඩායම එළඹෙන අප්‍රේල් 02 දා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

තරග කාලසටහන

එක්දින තරගාවලිය

  • පළමු තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී – අප්‍රේල් 05
  • දෙවැනි තරගය – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී – අප්‍රේල් 08
  • තෙවැනි තරගය – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී – අප්‍රේල් 11

සිව්දින තරගාවලිය

  • පළමු තරගය – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී – අප්‍රේල් 16 සිට 19 දක්වා
  • දෙවැනි තරගය – හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී – අප්‍රේල් 23 සිට 26 දක්වා

මෙම සියලු තරග දිවා තරග ලෙසින් ක්‍රියාත්මක වනු ඇති.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<