සිහින සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වෙයි

2nd Battle of the Dreams

3
2nd Battle of the Dreams

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කළුතර හොලි ක්‍රොස් විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැති සිහින සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය – පරාජයකින් තොරව අවසන් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (7) අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට හොලි ක්‍රොස් විද්‍යාලයට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ලබා ගන්නේ ලකුණු 125ක් පමණයි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා ගන්නා ලද අතර ඔවුන් තරගයේ 2 වැනි දිනයේ දී එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 208ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ සසිඳු රන්දීප (34) සහ විනෝද් දනුශ්ක (32) පෙර දිනයේ ම ලකුණු අතරට පිවිසි අතර 2 වැනි දිනයේ දී දුල්සත් නිම්විරු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 36ක් ද සහ ඕෂධ දේවින්ද පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්ද යැවූ රුසිත් ජයවර්ධන ලකුණු 53කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්ද යැවීම වාර්තා කරනවා.

ඊට අමතර ව මෙවිඳු පෙරේරා කඩුලු 2ක් ද සහ යසිත් තාරුක කඩුල්ලක් ද දවා ගන්නවා.

ලකුණු 75ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි හොලි ක්‍රොස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 125ක් ලබා සිටියා.

පෙර ඉනිමේ දී පන්දු යවමින් දක්ෂතා දැක් වූ රුසිත් ජයවර්ධන මෙම ඉනිමේ දී තරගය නතර කරන විට පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඔසිඳ සිල්වා පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 128ක දී ලකුණු 49ක සබඳතාවක් ගොඩ නගනවා.

එම ඉනිම පාලනය කිරීම සඳහා පන්දු යවන්නෝ 9 දෙනෙක් යොදා ගත් අතර එහි දී සසිඳු රන්දීප, දුල්සත් නිම්විරු, හිවිරු නිම්තරණ සහ චානුක සදෙව් කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • හොලි ක්‍රොස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (63.5) රුසිත් ජයවර්ධන 23, ඔසිඳ සිල්වා 50, හිවිරු නිම්තරණ 4/30, චානුක සදෙව් 5/35
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (56.1) සසිඳු රන්දීප 34, විනෝද් දනුශ්ක 32, සෙවිත දුල්මල් 23, සසිඳු මදුසර 21, දුල්සත් නිම්විරු 36, ඕෂධ දේවින්ද 35, රුසිත් ජයවර්ධන 6/53, මෙවිඳු පෙරේරා 2/36
  • හොලි ක්‍රොස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 125 (64.0) රුසිත් ජයවර්ධන නොදැවී 66, ඔසිඳ සිල්වා 28

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – සසිඳු මදුසර (සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – චානුක සදෙව් (සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – විහඟ ඕසිඳ (හොලි ක්‍රොස් විද්‍යාලය)
  • තරගයේ වීරයා – රුසිත් ජයවර්ධන (හොලි ක්‍රොස් විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<