අශේන්, ජනිත් සහ යසිරු දක්ෂතා දැක් වූවා

Major Club 03 Day League Tournament 2025

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු සතියේ 2 වැනි දිනය අද (7) නිමා වූවා.  

එහි දී අශේන් බණ්ඩාර සහ ජනිත් ලියනගේ ශතක ලබා ගත් අතර පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

ශිරාන්, අහන් සහ නිමේෂ පළමු පෙළ සුවිශේෂී කඩඉම්වලට

Police SC සහ BRC අතර තරගය කොළඹ CCC පිටියේ දී. 

කාසියේ වාසිය – Police SC 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BRC කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් පළමු දිනයේ දී ම ප්‍රතිවාදී Police ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා. අද ඔවුන් තමන්ගේ ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 412ක් ලබා ගන්නවා.  

පෙර දිනයේ නොදැවී ලකුණු 48ක් ලබා සිටි නායක අශේන් බණ්ඩාර Police ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 232කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 158ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකයයි.

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු ධනුජ ඉඳුවර පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ද, විශාද් රන්දික පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ද සහ සුපුන් මදුශංක පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යැවූ යසිරු රොද්‍රිගෝ ලකුණු 74කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 16ක හොඳම පන්දු යැවීමයි.  

ඔහුට අමතර ව සිතුක ගුණවර්ධනට ද කඩුලු ද්විත්වයක් හිමි වුණා.  

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 232ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 72ක් ලබා සිටි අතර එහි දී සමින්ද ප්‍රනාන්දු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • BRC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 180 (53.0) හෂාන් දුමිඳු 24, මොවින් සුබසිංහ 65, යසිරු රොද්‍රිගෝ 24, නලින් ප්‍රියදර්ශන 3/16, දිලුම් සුදීර 5/85 
  • Police SC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 412 (106.4) ධනුජ ඉඳුවර 76, රශ්මික හිරුශාන් 22, අශේන් බණ්ඩාර 158, විශාද් රන්දික 48, සුපුන් මදුශංක 48, සිතුක ගුණවර්ධන 2/151, යසිරු රොද්‍රිගෝ 5/74  
  • BRC– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 72 (16.0)සමින්ද ප්‍රනාන්දු නොදැවී 48 

BRC කණ්ඩායම ලකුණු 160ක් පිටුපසින්. 

CCC සහ NCC අතර තරගය කොළඹ Colts පිටියේ දී.  

කාසියේ වාසිය  NCC 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පෙර දින කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබා සිටි CCC ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 262ක් ලබා ගන්නවා.  

එම ඉනිම වෙනුවෙන් නායක සොනාල් දිනූෂ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 86ක් ලබා ගත් අතර ඊට අමතර ව ධනංජය ද සිල්වා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද සහ දුවිඳු තිලකරත්න පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර සහ ශක්ති උදාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

ලකුණු 12ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.  

එහි දී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද සහ ලහිරු උදාර පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • NCC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 274 (70.5) නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, චාමික ගුණසේකර 26, දුවිඳු රණතුංග 3/44, නිශාන් පීරිස් 2/64, සොනාල් දිනූෂ 2/49 
  • CCC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 262 (62.4) ලසිත් කෲස්පුල්ලේ 28, ධනංජය ද සිල්වා 36, පවන් රත්නායක 24, සොනාල් දිනූෂ 86, දුවිඳු රණතුංග 29, ශක්ති උදාර 2/66, චාමික ගුණසේකර 2/46, සහන් ආරච්චිගේ 2/07 
  • NCC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 103 (19.0)නිරෝෂන් දික්වැල්ල නොදැවී 50, ලහිරු උදාර 45 

NCC කණ්ඩායම ලකුණු 115ක් ඉදිරියෙන්. 

Colts CCසහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Moors SC  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 288ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Moors කණ්ඩායම තරගය පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී 40ක් ලබා සිටි අතර ඔවුන් අද එම ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 173ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසිඳු සූරියබණ්ඩාර. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා.  

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු ජනිශ්ක පෙරේරා පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත් අතර Moors ඉනිමේ පිතිකරුවෝ 7 දෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වුණා.  

එහි දී දකුණතින් මඳ වේග පන්දු යවන උදිත් මදුශාන් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ධනංජය ලක්ෂාන්, අකිල දනංජය සහ කවිශ්ක අංජුල කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

එම ඉනිම අවසානයේ දී ලකුණු 115ක් ද අතැති ව දෙවැනි ඉනිමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරද්දී කිසිවෙක් නොදැවී ලකුණු 89ක් ලබා සිටියා.  

එහිදී Colts ඉනිම ආරම්භ කළ රවිඳු රසාන්ත පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ද සහ සංගීත් කුරේ පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර  2ක් සමඟින්  නොදැවී ලකුණු  41ක් ද ලබා සිටියා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Colts CC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 288 (63.3) දිනේෂ් චන්දිමාල් 20, දනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26, මිලාන් රත්නායක 3/63, ශිරාන් ප්‍රනාන්දු 5/46 
  • Moors SC-පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (.0) පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (54.3) ජනිශ්ක පෙරේරා 44පසිඳු සූරියබණ්ඩාර 71කවිශ්ක අංජුල 47/2ධනංජය ලක්ෂාන් 2/23අකිල දනංජය 2/31උදිත් මධුශාන් 4/34 
  • Colts CC –දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 89 (37.0) රවිඳු රසාන්ත නොදැවී 40සංගීත් කුරේ නොදැවී 41 

Colts කණ්ඩායම ලකුණු 204ක් ඉදිරියෙන්. 

Bloomfield C & AC සහ Ace Capital CC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Ace Capital CC 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් කරන්නේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 338ක් ලබා ගනිමිනුයි. ඔවුන් අද තම පළමු ඉනිම අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 436ක් ලබා ගනිමිනුයි.  

එම ඉනිම වෙනුවෙන් පෙර දින තම පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් සිටි නිමේෂ ගුණසිංහ අද තම ඉනිම ලකුණු 161කින් අවසන් කර ගන්නවා. ඒ වෙද්දී ඔහුගේ ඉනිම පන්දු 319කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 16ක් එක් ව තිබුණා.  

ඔහුට අමතර ව කවිඳු කුලසේකර පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ද, ඉනිම අවසන් වෙන විට රවීන් ද සිල්වා පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 116කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දුවිඳු තිලකරත්න සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Bloomfield ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 230ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ජනිත් ලියනගේ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියා.  

ඊට අමතර ව දිනය අවසන් වන විට තරිඳු හර්ෂණ පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව පන්දු 169කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 139ක සබඳතාවක් එක් කරනවා.  

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 67කට කඩුලු 2ක් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Ace Capital CC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 436 (122.3) පවන්ත වීරසිංහ 65, නිමේෂ ගුණසිංහ නොදැවී 148, තීරක රණතුංග 36, කවිඳු කුලසේකර නොදැවී 54, රවිඳු ප්‍රනාන්දු 2/75 
  • Bloomfield C & AC –පළමු ඉනිම කඩුලු 3ක් දැවී 230 (48.0) කසුන් අබේරත්න 39, රොන් චන්ද්‍රගුප්ත 27, ජනිත් ලියනගේ නොදැවී 100, තරිඳු හර්ෂණ නොදැවී 52, ඉසිත විජේසුන්දර 2/67 

Bloomfield කණ්ඩායම ලකුණු 206ක් පිටුපසින්.  

මෙම තරග සියල්ල හෙට (8) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<