බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ (01දා) සමත් වෙනවා.
දෙරට අතර තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ තරග 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණියා.
කොදෙව් කාන්තාවෝ ලකුණු 49කට දැවී යයි
St George’s හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී සත්කාරක ක්‍රීඩිකාවන්ට පුද කරනවා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Hayley Matthews. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Stafanie Taylor පන්දු 24ක දී ලකුණු 14ක් ද, Deandra Dottin පන්දු 10ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ද සහ බටහිර ඉන්දීය කොදෙව් ඉනිම අවසන් වෙද්දී Aaliyah Alleyne පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මල්කි මදාරා සහ නිලක්ෂිකා සිල්වා කඩුලු 3ක් බැගින් දවා ගනිමින් කොදෙව්වන්ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට පත් වෙනවා. ඊට අමතර ව නායිකා චමරි අතපත්තු ලකුණු 13කට කඩුලු 2ක් ද සහ කවීෂා දිල්හාරි කඩුල්ලක් ද දවා ගන්නවා.
- කොදෙව් කාන්තා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
- Matthews ගේ 100 වැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා යෞවනීයෝ නැගී එන තරගාවලිය අවසන් කරයි
- ශ්‍රී ලංකාවට එරෙහි Matthews ගේ කොදෙව් බල ඇණිය
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි හසිනි පෙරේරා සහ චමරි අතපත්තු එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 62ක්. ඉන් 50 වැනි ලකුණ වාර්තා කිරීමට ඔවුන් දෙදෙනා වැය කරන්නේ පන්දු 39ක් පමණයි.
හසිනි පෙරේරා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ සිව් වැනි පන්දුවේ දී නායිකා චමරි අතපත්තුගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
එම කඩුල්ල දැවී යෑමත් සමඟින් තවත් ලකුණු 12ක් එක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු ත්‍රිත්වයක් දැවී යනවා. එහි ගොදුරු බවට පත් වෙන්නේ හර්ෂිතා සමරවික්‍රම (5), ඉමේෂා දුලානි (2) සහ නිලක්ෂිකා සිල්වා (3).
එම අවස්ථාවේ දී විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි එක් ව ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය පෙනෙන මානයට ගෙන එනවා. විශ්මි ගුණරත්න පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10කට දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 91ක් ලෙසයි.
එතැන් සිට තරගයේ පාලනය තනි අතට ගත් කවීෂා දිල්හාරි තරගය තවත් පන්දු 11ක් ද ඉතිරි කර ගනිමින් ජයග්‍රහණය කරා රැගෙන යද්දී පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පිටියට එක් ව සිටි රශ්මිකා සෙව්වන්දි පන්දු 5කට මුහුණ දී සිටිය ද ඇය මෙම ඉනිමට කිසිදු ලකුණක් එක් කිරීමට හැකි වූයේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී Qiana Joseph සහ Afy Fletcher කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Karishma Ramharack සහ Hayley Matthews කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීයකොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 101 (20.0) Hayley Matthews 28, මල්කි මදාරා 3/16, චමරි අතපත්තු 2/13, නිලක්ෂිකා සිල්වා 3/20
ශ්‍රී ලංකාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 102 (18.1) චමරි අතපත්තු 39, කවීෂා දිල්හාරි නොදැවී 18, Afy Fletcher 2/13, Qiana Joseph 3/13
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
- තරගයේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
තරගාවලියේ 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 3 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















