10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග (20දා) අවසන් වූ අතර එම වටය අවසන් කරමින් පැවැති ඕස්ට්‍රේලියාව සහ ඕමානය අතර තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ඔවුන්ගේ තරග තීරණය තරගාවලියේ සුපිරි 8 වටයට කිසිදු බලපෑමක් එල්ල නොවූ අතර එම තරගය ආරම්භ වෙද්දීත් එම කණ්ඩායම් නම් වී තිබුණා. ඒ අනුව සුපිරි 8 වටයේ 1 වැනි කාණ්ඩයෙන් සම සත්කාරක ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වෝ සහ සිම්බාබ්වේ කණ්ඩායම් ද 2 වැනි කාණ්ඩයෙන් එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ සම සත්කාරක ශ්‍රී ලංකාව ද සුදුසුකම් ලබා සිටිනවා.
එම තරග අද (21) සිට ආරම්භ වීමට නියමිතයි.
>>ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නිමයි<<
40 වැනි තරගය (රාත්‍රී), Group B, ඕස්ට්‍රේලියාව සහ ඕමානය අතර
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 104ක් පමණයි.
එම ඉලක්කය පන්දු 58ක් පමණක් වැය කරමින් කඩුල්ලක් දැවී සපුරා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Wasim Ali. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක Jatinder Singh ලකුණු 17ක්, Hammad Mirza ලකුණු 16ක් සහ Karan Sonavale ලකුණු 12ක් ලබා ගන්නා ලද අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාක් කරා යෑමට හැකි වෙන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී පා දඟ පන්දු යවන Adam Zampa ලකුණු 21කට කඩුලු 4ක් දවා ගන්නවා. ඔහු මෙවර තරගාවලියේ කඩුලු 4ක් බැගින් දවා ගත් 2 වැනි අවස්ථාවයි මේ.
ඔහුට අමතර ව Glenn Maxwell සහ Xavier Bartlett කඩුලු ද්විත්වය බැගින් ද Nathan Ellis සහ Marcus Stoinis කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
- ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ නිස්සංක ඉටු කරයි!
- බෑ කියා හා කියූ පාකිස්තාන මෙහෙයුම අඩාලයි
- වාර්තා රැසක් සමඟින් සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව පරාජය කරයි
- ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් 2026 PSL තරගාවලියට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 93ක්. පන්දු 49කින් එක් වූ එම සබඳතාව බිඳ වැටෙන්නේ Travis Head ගේ දැවී යැමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 9 වැනි පන්දුවේ දී ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණය වාර්තා වූ අතර ඒ වෙද්දී නායක Mitchell Marsh පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 13 වැනි අර්ධ ශතකය වූ මෙවර තරගාවලියේ ඔහුගේ පිත්තෙන් පිට පිට එල්ල වූ 2 වැනි අර්ධ ශතකයයි.
තරගය අවසන් වෙන විට අනෙක් අන්තයෙන් නොදැවී ක්‍රීඩා කරමින් සිටි Josh Inglis පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.
ඕස්ට්‍රේලියානු ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Shakeel Ahmed සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඕමානය – සියලුම දෙනා දැවී 104 (16.2) Wasim Ali 32, Xavier Bartlett 2/27, Adam Zampa 4/21, Glenn Maxwell 2/13
ඕස්ට්‍රේලියාව – කඩුල්ලක් දැවී 108 (9.4) Mitchell Marsh 64, Travis Head 32
ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- තරගයේ වීරයා – Adam Zampa (ඕස්ට්‍රේලියාව)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















