10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (19දා) අවසන් වූ අතර එහි දී C කාණ්ඩයෙන් තරගාවලියේ පළමු වටයට එක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය නිමා කරනවා.
මේ අතර අද තරගාවලියේ 38 වැනි තරගය ලෙසින් පැවැති ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය නිමා වූයේ සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්. ඒ සමඟින් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ B කාණ්ඩයේ ප්‍රමුඛයන් වූ අතර ශ්‍රී ලංකාවට 2 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදු වූවා.
පැවැති අනෙක් තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානුවන් සතු වුණා.
>>කැන්ගරුවන්ට සුපිරි 8 අහිමි කළ සිම්බාබ්වේ – සිංහ හමුව<<
37 වැනි තරගය, Group C, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉතාලිය අතර
Kolkata හී Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉතාලි නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඉතාලි ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Shai Hope. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 75ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Roston Chase පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ Sherfane Rutherford පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ක්‍රිශාන් කලුගමගේ (2/25) සහ Ben Manenti (2/37) කඩුලු ද්විත්වය බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉතාලි කණ්ඩායම අසරණ කිරීමට දකුණතින් මඳවේග පන්දු යවන Shamar Joseph පෙරමුණ ගත්තා. ඔහු ප්‍රතිවාදී කඩුලු 4ක් ලකුණු 30කට දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවිම බවට ද වාර්තා වූවා. ඊට අමතර ව ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් Matthew Forde ද සහ ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් Gudakesh Motie ද මෙම ජයග්‍රහණයට ඉහළින් ම දායකත්වය දැක් වූවන් බවට පත් වුණා. .
ඔවුන් හමුවේ අසරණ ඉතාලි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ben Manenti. ඔහු පන්දු 21ට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ඊට අමතර ව JJ Smuts පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී 165 (20.0) Shai Hope 75, Roston Chase 24, Sherfane Rutherford නොදැවී 24, Ben Manenti 2/37, Crishan Kalugamage 2/25
- ඉතාලිය – සියලුම දෙනා දැවී 123 (18.0) JJ Smuts 24, Ben Manenti 26, Matthew Forde 3/19, Gudakesh Motie 2/24, Shamar Joseph 4/30
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 42ක ජයක්.
තරගයේ වීරයා – Shai Hope (බටහිර ඉන්දීය කොදෙව්)
- ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ජය ලබයි
- මහනුවර වැස්ස ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් පිටමං කරයි
- ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය ජයග්‍රහණ වාර්තා කරයි
- බෑ කියා හා කියූ පාකිස්තාන මෙහෙයුම අඩාලයි
39 වැනි තරගය (රාත්‍රී), Group D, ඇෆ්ගනිස්තානය සහ කැනඩාව අතර
Chennai හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 200ක් ලබා ගත්තා.
එම ඉනිමේ පළමු පන්දුවාර 6 ගෙවී යද්දී කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලෙසින් ලකුණු පුවරුව පැවැතියා. එම ලකුණු අතුරින් Rahmanullah Gurbaz පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා තිබුණා.
අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් Ibrahim Zadran සහ Sediqullah Atal එක් ව ලකුණු 95ක සබඳතාවක් එක් කරනවා. Sediqullah Atal පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් වන විට Ibrahim Zadran පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 95ක් ලබා සිටියා. එය ඔහුගේ 65ක් වූ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.
කඩුලු දවා ගැනීමේ දී Jaskaran Singh ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත් අතර අනෙක් කඩුල්ල Dilon Heyliger සතු වුණා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කැනඩා ක්‍රීඩකයන්ගේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඒ අනුව ගිය ඔවුන්ගේ ඉනිම අවසන් වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 118කින්.
එම ඉනිමේ පළමු පන්දුවාර 6 අවසන් වෙද්දී කඩුලු 3ක් අහිමි ව තිබූ අතර ලබා ගෙන තිබුණේ ද ලකුණු 34ක් පමණයි. එම තත්ත්වය තවත් ඉදිරියට ඇදී යමින් 9 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 48ක් බවට පත් ව තිබුණා.
එම අවස්ථාවේ දී එක් වූ Harsh Thaker සහ Saad Bin Zafar එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කරනවා.
එහි දී Harsh Thaker පන්දු 24ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද සහ Saad Bin Zafar පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Nabi ලකුණු 7කට තම පන්දුවාර 4 යවමින් කඩුලු 4ක් දවා ගන්නවා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි.
ඔහුට අමතර ව Rashid Khan කඩුලු 2ක් ද, Azmatullah Omarzai සහ Mujeeb Ur Rahman කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඇෆ්ගනිස්තානය – කඩුලු 4ක් දැවී 200 (20.0) Rahmanullah Gurbaz 30, Ibrahim Zadran නොදැවී 95, Sediqullah Atal 44, Jaskaran Singh
- කැනඩාව – කඩුලු 8ක් දැවී 118 (20.0) Harsh Thaker 30, Saad Bin Zafar 28, Mohammad Nabi 4/07, Rashid Khan 2/19
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 822ක ජයක්.
තරගයේ වීරයා – Ibrahim Zadran (ඇෆ්ගනිස්තානය)
- ඉන්දියාව 6 වැනි වරටත් යොවුන් ලෝක ශූරයන් වෙයි
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
36 වැනි තරගය (රාත්‍රී), Group A, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර
Ahmedabad හී Narendra Modi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7කට ලකුණු 176ක් ලබා ගනිමින් තියුණු තරගයකින් අනතුරු ව ප්‍රතිවාදීන් ඉදිරියේ ලකුණු 17කින් පරාජයට පත් වෙනවා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යන අතර ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 110ක් වෙද්දී දැවී ගියා. අනතුරු ව ප්‍රතිවාදීන්ට දරා ගත නොහැකි ලකුණු සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට එක් වූ ලකුණු 76ක සබඳතාවයි.
ඊට Shivam Dube සහ Hardik Pandya එක් වූ අතර ඔවුන්ගේ මේ ප්‍රහාරයට වැය වූයේ පන්දු 35ක් පමණයි. එම කඩුල්ලේ සබඳතාව බිඳි යන්නේ Shivam Dube ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. එය ඔහුගේ 59ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිමයි.
Hardik Pandya ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා. ඊට අමතර ව නායක Suryakumar Yadav පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ Tilak Varma පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Logan van Beek ලකුණු 56කට කඩුලු 3ක් ද සහ Aryan Dutt ලකුණු 19කට කඩුලු 2ක් ද වා ගත්තා.
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ඉන්දීය ක්‍රීඩකයන් නොසිතූ සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එහි දී ඔවුන්ගේ පළමු ලකුණු 50 පන්දු 45ක දී වාර්තා වූ අතර ඒ වෙද්දී දැවී ගොස් තිබුණේ ද එක් කඩුල්ලක් පමණයි.
නමුත් ඊට පසුව එක් ලකුණක් පමණක් එක් වෙද්දී ඔවුන්ගේ 2 වැනි කඩුල්ල ද දැවී යනවා. ඒ වෙද්දී Max O’Dowd පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20කට ද සහ Michael Levitt පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24කට ද තම ඉනිම් අහිමි කර ගෙන තිබුණා.
අනතුරු ව 3 වැනි කඩුල්ල සඳහා Colin Ackermann සහ Bas de Leede එක් ව පන්දු 26ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Colin Ackermann පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 15කට දැවී යෑමත් සමඟිනුයි.
Bas de Leede 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
අනතුරු ව නැවත වතාවක් ඉන්දීය පන්දු යවන්නෝ අපහසුතාවට පත් කිරීමට Zach Lion-Cachet සහ Noah Croes සමත් වෙනවා. ඔවුන් දෙදෙනා විසින් 7 වැනි කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 52ක් එක් කරනවා.
එහි දී Zach Lion-Cachet පන්දු 16ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ Noah Croes ඉනිම අවසන් වෙද්දී පන්දු 12ක දී හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Varun Chakravarthy ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙද්දී Shivam Dube කඩුලු 2ක් ද, Jasprit Bumrah සහ Hardik Pandya කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දියාව – කඩුලු 6ක් දැවී 193 (20.0) Tilak Varma 31, Suryakumar Yadav 34, Shivam Dube 66, Hardik Pandya 30, Aryan Dutt 2/19, Logan van Beek 3/56
- නෙදර්ලන්තය – කඩුලු 7ක් දැවී 176 (20.0) Michael Levitt 24, Max O’Dowd 20, Bas de Leede 33, Colin Ackermann 23, Zach Lion-Cachet 26, Noah Croes නොදැවී 25, Varun Chakravarthy 3/14, Shivam Dube 2/35
ඉන්දීය කණ්ඩායමට ලකුණු 17ක ජයක්.
තරගයේ වීරයා – Shivam Dube (ඉන්දියාව)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















