මෙවර ලෝක කුසලානයේ වඩාත් කතා බහට ලක් වූ ඉන්දු – පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ ඔවුන් පාකිස්තානයට එරෙහි ව පිට පිට ලබා ගත් 6 වැනි විස්සයි විස්ස ජයග්‍රහණයයි.
පාකිස්තානය අවසන් වරට ඉන්දීය කණ්ඩායමක් පරාජය කර තිබෙන්නේ 2022 වසරේදීයි.
ඉන්දීය කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් A කාණ්ඩයෙන් තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම සුපිරි 8 වටයට ද පිවිසීමට සමත් වෙනවා.
මේ අතර පැවැති අනෙක් තරගවල දී බටහිර ඉන්දීය කොදෙව්වෝ සහ ඇමරිකාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.
ඉන්දු – පාකිස්තාන ගැටුමට පෙර නායකයින් වාචික සංග්‍රාමයක!
25 වැනි තරගය, Group C, බටහිර ඉන්දීය කොදෙව් සහ නේපාලය අතර
Mumbai හී Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව්වෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තවත් පන්දු 28ක් ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාල කණ්ඩායම වෙනුවෙන් Dipendra Singh Airee පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා. ඊට අමතර ව නේපාල ඉනිම අවසන් වෙද්දී Sompal Kami පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී Jason Holder ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙනවා. ඊට අමතර ව Matthew Forde, Roston Chase සහ Akeal Hosein කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුල්ලට Brandon King දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිම කියැවුණේ ලකුණු 43ක් ලෙසයි. අනතුරු ව ජයග්‍රහණය කරා යන ගමනේ දී වෙනත් කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ප්‍රතිවාදී ඉලක්කය පසු කිරීමට Shai Hope සහ Shimron Hetmyer සමත් වුණා.
එහි දී Shai Hope පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 61 ද සහ Shimron Hetmyer පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් 2 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 90ක් එක් කරද්දී ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Nandan Yadav සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නේපාලය – කඩුලු 8ක් දැවී 133 (20.0) Dipendra Singh Airee 58, Sompal Kami නොදැවී 26, Jason Holder 4/27
බටහිර ඉන්දීයකොදෙව්ක – ඩුල්ලක් දැවී 134 (15.2) Brandon King 22, Shai Hope නොදැවී 61, Shimron Hetmyer නොදැවී 46
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
තරගයේ වීරයා – Jason Holder (බටහිර ඉන්දීය කොදෙව්)
- මෙවර තරගාවලියේ මෙතෙක් හොඳම ඉනිම අයර්ලන්තයෙන්
- ඉතාලිය T20 ලෝක කුසලාන මංගල ජය ලබයි
- Run Out එකක් කළ හදියක්
26 වැනි තරගය (දිවා/රාත්‍රී), Group A, ඇමරිකාව සහ නැමීබියාව අතර
Chennai හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇමරිකානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගන්නවා.
ඒ අනුව සාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන්ගේ ඉනිමට අර්ධ ශතක ද්විත්වයක් එක් කිරීමට නායක Monank Patel සහ Sanjay Krishnamurthi සමත් වෙනවා. ඉනිම ආරම්භ කළ Monank Patel පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර ඔහු අනෙක් ආරම්භක පිතිකරු වූ Shayan Jahangir සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා.
Shayan Jahangir ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22ක් වූ අතර ඒ සඳහා ඔහු පන්දු 18ක් වැය කරන ලද අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඊට එක් කරනවා.
ඇමරිකානු ඉනිම අවසන් වන විට Sanjay Krishnamurthi පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගත් අතර ඔහු 4 වැනි කඩුල්ලට Milind Kumar සමඟ එක් වෙමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 87ක් ද එක් කරනවා.
Milind Kumar පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Willem Myburgh සහ Gerhard Erasmus කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයන්ගේ ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 168කට සීමා වෙනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Louren Steenkamp. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.
ඊට අමතර ව JJ Smit පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර Jan Nicol Loftie-Eaton පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Shadley van Schalkwyk ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Shubham Ranjane, Saurabh Netravalkar සහ Ali Khan කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඇමරිකාව – කඩුලු 4ක් දැවී 199 (20.0) Monank Patel 52, Shayan Jahangir 22, Sanjay Krishnamurthi නොදැවී 68, Milind Kumar 28, Willem Myburgh 2/22, Gerhard Erasmus 2/27
නැමිබීයාව – කඩුලු 6ක් දැවී 168 (20.0) Louren Steenkamp 58, Jan Nicol Loftie-Eaton 28, JJ Smit 31, Shadley van Schalkwyk 2/30
ඇමරිකානු කණ්ඩායමට ලකුණු 31ක ජයක්.
තරගයේ වීරයා – Sanjay Krishnamurthi (ඇමරිකාව)
- ඉන්දියාව 6 වැනි වරටත් යොවුන් ලෝක ශූරයන් වෙයි
- පාකිස්තානය ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය වර්ජන කිරීමට තීරණය කරයි!
27 වැනි තරගය (රාත්‍රී), Group A, පාකිස්තානය සහ ඉන්දියාව අතර
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 114ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම ලබා ගනිමින් සටන්කාමී ආරම්භයක් ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුණා.
නමුත් Ishan Kishan ගේ සටන්කාමී ප්‍රහාරාත්මක ඉනිම පාකිස්තාන බලාපොරොත්තු බිඳ දැමුවා. ඔහු Tilak Varma සමඟ එක්වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 87ක සබඳතාවක් එක් කරනවා.
එම සබඳතාවේ පන්දු 46න් පන්දු 40කට ම මුහුණ දෙන්නේ Ishan Kishan වීම විශේෂත්වයක් වන අතර එකතු වූ ලකුණු 87න් ලකුණු 77ක් ම ඔහුගේ පිත්තෙන් එකතු වීමත් විශේෂත්වයක් වූවා.
ඔහුට අමතර ව නායක Suryakumar Yadav පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ද Shivam Dube පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ Tilak Varma පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Saim Ayub ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Salman Agha, Usman Tariq සහ Shaheen Shah Afridi කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවෝ සෙල්ලමකට ගත් ඉන්දීය පන්දු යවන්නෝ ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය පන්දු 12ක දී ලකුණු 13ක් පමණක් ලබා දෙමින් දවා ගන්නවා. එමෙන් ම ඔවුන්ගේ පළමු පන්දුවාර 6 අවසන් වෙද්දී ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ලකුණු 38ක් පමණක් වන අතර කඩුලු 4ක් ද ඔවුන්ට අහිමි කරනවා.
ඒ අසාර්ථක පාකිස්තාන ඉනිමේ සාර්ථක ම පිතිකරු වීමට Usman Khan සමත් වුණා. ඔහු 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 5ක් තුළ කඩුලු 2ක් දවා ගැනීමට ද සහ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී තවත් කඩුලු ද්විත්වයක් ද දවා ගනිමින් පාකිස්තාන පිතිකරුවන්ගේ මෙහෙයුම සම්පූර්ණයෙන් ම අඩාල කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වුණා.
එහි දී Hardik Pandya, Jasprit Bumrah, Axar Patel සහ Varun Chakravarthy කඩුලු ද්විත්වය බැගින් ද Tilak Varma සහ Kuldeep Yadav කඩුල්ල බැගින් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව – කඩුලු 7ක් දැවී 175 (20.0) Ishan Kishan 77, Tilak Varma 25, Suryakumar Yadav 32, Shivam Dube 27, Saim Ayub 3/25
පාකිස්තානය – සියලුම දෙනා දැවී 114 (18.0) Usman Khan 44, Shaheen Shah Afridi නොදැවී 23, Hardik Pandya 2/16, Jasprit Bumrah 2/17, Axar Patel 2/29, Varun Chakravarthy 2/17
ඉන්දීය කණ්ඩායමට ලකුණු 61ක ජයක්.
තරගයේ වීරයා – Ishan Kishan (ඉන්දියාව)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















