ඉන්දු – පාකිස්තාන ගැටුමට පෙර නායකයින් වාචික සංග්‍රාමයක!

ICC Men's T20 World Cup 2026

5

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ වඩාත් උණුසුම් තරගය ලෙස බොහෝ දෙනා හඳුනා ගෙන ඇති ඉන්දු – පාකිස්තාන විස්සයි විස්ස තරගය අද (15) රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම මෙම තරගය පිළිබඳ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වී තිබූ අතර, පාකිස්තානය විසින් මෙම තරගය වර්ජනය කිරීමට සූදානම් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙය දේශපාලනික ගැටලුවක් දක්වා ම ඇදී යන බව පෙනෙන්නට තිබුණා. 

බංග්ලාදේශය විසින් මෙවර ලෝක කුසලානය වර්ජනය කිරීමට පියවර ගැනීමත් සමඟ පාකිස්තාන රජයෙන් ලද උපදෙස් මත පාකිස්තානය විසින් මෙසේ ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීමේ තීරණය ලබා ගත්තා. කෙසේ නමුත් පසුව ඔවුන් එම තීරණය වෙනස් කරමින් ඉන්දු – පාකිස්තාන තරගයට සහභාගී වන බව දැනුම් දුන්නා. 

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම් වෙනුවෙන් විශේෂ මාධ්‍ය අවධානයක් හිමි වන අතර තුරප්‍රේක්ෂකයින්ගේ පාර්ශවයෙන් ඉඳ හිට සඳහන් වන කරුණක් වන්නේ මෙය අනවශ්‍ය ලෙස උලුප්පා දක්වා ඇති තරගයක් ලෙසයි. කෙසේ වෙතත් මෙවර සිදු වූ සිදුවීමත් සමඟ දැන් පෙර නොවූ විරූ අවධානයක් තරගයට හිමි වී තිබෙනවා. 

කෙසේ වෙතත් මෙතක් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය තුළ පාකිස්තානය විසින් ඉන්දියාව පරාජය කිරීමට සමත් වී ඇත්තේ එක් වතාවක් පමණයි. එමෙන්ම පසුගිය වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දී ද පාකිස්තානය විසින් තෙවරක් ඉන්දියාව හමුවේ පරාජය වුනා. එමෙන්ම මෙම තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායම පාකිස්තානය සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමේ සිට, ආසියානු කුසලානය ලබා ගැනීමට පිටියට පිවිසීම ප්‍රමාද කිරීම දක්වා ගැටලු රැසක් මතු වුනා. 

කෙසේ වෙතත් මෙම සියලු ගැටලුකාරී තත්ව අවසානයේ පාකිස්තානය සහ ඉන්දියා අද සවස කොළඹ දී එකිනෙකා හමුවීමට නියමිතයි. 

එවන් වාතාවරණයක් තුළ ඊයේ (14) දිනයේ දී පාකිස්තාන සහ ඉන්දීය නායකයා විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පැමිණියා. 

මේ තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පැවැත්වේවීමම බලාපොරොත්තු වෙන දෙයින් වැඩක් නැහැ. නමුත් මට මේ තරගය සාමාන්‍යයෙන් ක්‍රිකට් තරග පැවැත්වෙන ආකාරයට පැවැත්විය යුතුයි කියලා. ඉතුරු ටික ඉන්දියාව අතේ තියෙන්නේ. 

පාකිස්තාන නායක Salman Agha විසින් තරගය පිළිබඳ සිය අදහස් එසේ සඳහන් කළා. එමෙන්ම තරගයේ දී ඉන්දියාව සමඟ අතට අත දීම පිළිබඳ ඔහු සඳහන් කලේ අපි හෙට ඒක බලමු” ලෙසයි. 

කෙසේ වෙතත් ඉන්දීය නායක Suryakumar Yadav විසින් ද මේ හා සමාන අදහසකුයි පළ කර තිබුණේ. ඊයේ ඉන්දීය නායකයාගෙන් අතට අත දීම පිළිබඳ වරක් නොව දෙවරක් ම විමසා තිබුණා. 

මම ඒ කුතුහලය හෙට බිඳලා දාන්නම්මම කියන්නේ තව පැය 24ක් ඉවසන්න. අපි හොඳ තරගයක් ක්‍රීඩා කරාවීඊට පස්සේ.…. 

හෙට වැදගත් ම දේ තමයි තරගය. 

කාසියේ වාසිය අවස්ථාවේ දී හෝ අතට අත දීම සිදු කරන්නේ ද යන්න විමසූ විට ඉන්දීය නායකයා මෙසේ පවසා තිබුණා. 

අපි කාසියේ වාසිය වෙලාවේ දී ඒක බලමු. 

මේ අතර මෙතෙක් ඉතිහාසය විමසා බැලූ කළ ඉන්දියාව සතුව වැඩි වාසි පැවතීම පිළිබඳ ව ද දෙපාර්ශවයම අදහස් පළ කළා. 

අපිට ලෝක කුසලානවල දී ඔවුන්ට එරෙහිව හොඳ වාර්තාවක් නැහැ. ඒත් හැම වෙලාවකම ඔයා ක්‍රීඩා කරන්නේ අලුත් තරගයක්. ඒක අලුත් දවසක් සහ තරගය දිනන්න නම් ඔබට හොඳ ක්‍රිකට් එකක් ක්‍රීඩා කරන්න වෙනවාඔබට ඉතිහාසය වෙනස් කරන්න බැහැඒත් ඔබට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. “ 

– පාකිස්තාන නායකයා 

ඔබට බිංදුවේ ඉඳන් ම පටන් ගන්න වෙනවා. ඔබ අතීතයේ කළ දේවල් අයිති ඉතිහාසයට. ඔබට ඒ වාර්තා ක්‍රීඩා පිටියට ගෙනියන්න බැහැ, එක උදාසීන වීමට හේතුවක් වෙන්න පුළුවන්. 

– ඉන්දීය නායකයා 

ඒ අනුව පාකිස්තානය සහ ඉන්දියාව මෙතෙක් ඉතිහාසය අමතක කර අද තරගයට සහභාගී වීමට සූදානම්. කෙසේ වෙතත් ඉන්දීය නායකයාට අමතක කළ නොහැකි එක් කාරණයක් ඉතිරි වී තිබෙනවා. 

පාකිස්තානය සියලු තරග කොළඹ දී ක්‍රීඩා කරන එක පොඩි වාසියක් වේවී ඔවුන්ට” 

නමුත් ඒ වෙනුවෙන් පාකිස්තාන නායකයා පිළිතුරු සපයන්නේ මේ අයුරිනුයි. 

අපි කොළඹ ඉන්නවා සහ අපේ තරග සියල්ල මෙහේ ක්‍රීඩා කරනවා. ඒත් මම දන්නේ නැහැ ඒක වාසියක් වෙන්නෙ කොහොමද කියලා. ක්‍රීඩාංගණයේ දී ඔබට හොඳින් ක්‍රීඩා කරන්න වෙනවාමයිඅපේ සැලසුම් හොඳින් ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම නැතුව අපි මෙහේ ඉන්නවා කියන එක නිසා අපි තරගය දිනනවා කියන එක තීරණය වෙන්නේ නැහැ. 

පාකිස්තාන නායකයා ඒ අයුරින් සඳහන් කරනවා. 

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවැත්වුණු උණුසුම් ම තරගය වෙනුවෙන් මේ වන විට අඩිතාලම සැකසී හමාරයි.  

එම තරගය පිළිබඳ සියලු තොරතුරු මෙන්ම, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති  ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<