2025/26 Champions League පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේ දෙවැනි සතියට අදාළ ව තරග හතරක් ඊයේ (06) සහ අද (07) දිනවල දී ක්‍රියාත්මක වුනා.
සිකුරාදා (පෙබරවාරි 06)
SL Police SC සහ Serendib SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ තරගයේ පෙරමුණ ලබා ගැනීමට Serendib ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ගෝල ද්විත්වයක් ලබා ගනිමිනුයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ පළමු අර්ධයටත් වඩා ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ Serendib ක්‍රීඩකයින් විසින් තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම සම්පූර්ණ තරග කාල සීමාව තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
- Serendib SC 5 – SL Police SC 0
Java Lane SC සහ New Star SC
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුනා. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය තුළ එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ, Java Lane ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ. ඒ හේතුව නිසාවෙන් Java Lane කණ්ඩායම තරගය ජය ගැනීමට සමත් වුනා.
- Java Lane SC 1 – New Star SC 0
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
සෙනසුරාදා (පෙබරවාරි 07)
St. Mary’s SC සහ Saunders SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම තරගයේ පෙරමුණ ලබා ගැනීමට St. Mary’s කණ්ඩායම විසින් සමත් වුනේ ගෝල ද්විත්වයක් වාර්තා කරමිනුයි.
පළමු අර්ධය තුළ Saunders ක්‍රීඩකයින් එකදු ගෝලයක් හෝ ලබා නොගැනීම නිසා දෙවැනි අර්ධයේ දී සිය අඩුපාඩු නිවැරදි කර ගැනීමේ වගකීම ඔවුන් සතු වුනා. දෙවැනි අර්ධයේ දී ඔවුන් සිය වගකීම අකුරට ඉටු කරමින් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගය නැවතත් සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.
- Mary’s SC 2 – Saunders SC 2
Solid SC සහ Pelicans SC
මෙම තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින් ගෝල වාර්තා කිරීමට සමත් වුනේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් අතර ඉතා හොඳ තරගකාරී බවක් නිර්මාණය වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළත් ඔවුන් සිය තරගකාරී ක්‍රීඩා රටාව රැක ගැනීමට සමත් වූ අතර, එක් මොහොතක Solid ගෝල පෙදෙස අබිබවා යෑමට සමත් වූ Pelicans ක්‍රීඩකයින් විසින් තරගයේ වාර්තා වූ එකම ගෝලය සම්පූර්ණ කිරීමට සමත් වුනා.
- Pelicans SC 1 – Solid SC 0
දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>





















