දිමත්, ජවිඳු, සෙනුජ සහ හිරුන් ශතක ලබා ගනි

U19 School Cricket 2026

2
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් (02) අවසන් වෙද්දී ශතක 4ක් වාර්තා වූවා.

ඒ අතුරින් දිනයේ වැඩිම ලකුණුලාභියා වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දිමත් අබේසිංහ.  ඔහු කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 126ක් ලබා ගනිමින් දක්ෂතා  දක්වනවා.

ඊට අමතර ව කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආරම්භක පිතිකරු ජවිඳු මදුසංක මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 106ක් ද සහ මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ සෙනුජ වකුණුගොඩ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ආරම්භක පිතිකරු හිරුන් ලියනාරච්චි ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වෙන විට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව කැළණිය ගුරුකුල විද්‍යාලයේ ජනිත් මිහිරංග (85), මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ අවීශ සමාෂ් (59) සහ දිල්ප මදුරංග (53), කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පැහැසර බණ්ඩාර (92), දුශාන් සයුරංග (61), ද මැසිනෝද් විද්‍යාලයේ උෂාන් ආදිත්‍ය (නොදැවී 58), මහින්ද විද්‍යාලයේ රන්දුල මාබරණ (62) සහ කොළඹ රාජකීය විද්‍යාලයේ හිමරු ද සිල්වා (58) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මලින්ත සිල්වා (5/129) සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මෙවන් දිසානායක (5/115) දක්ෂතා දැක් වූවා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන්

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 312 (80.0)සහස් ඉඳුවර 39, ජවිඳු මදුසංක 106, ජනිත් මිහිරංග 85, මලින්ත සිල්වා 5/129, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/83
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 53 (13.0)මෙශෝන් ෆ්‍රර්ඩිනැන්ඩෝ 30, සහස් ඉඳුවර 2/06

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 259ක් පිටුපසින්.

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (76.2)අවීශ සමාෂ් 59, සෙනුජ වකුණුගොඩ 106, චමත් පෙරේරා 30, දිල්ප මදුරංග 53, මෙවන් දිසානායක 5/22, විහඟ රත්නායක 2/41
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 62 (16.0)මිහිල ජයවීර 33

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 251ක් පිටුපසින්.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී. (Tier B)

කාසියේ වාසිය – ද මැසිනෝද් විද්‍යාලය

  • මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (68.1)තිවංක පබසර 40, පැහැසර බණ්ඩාර 92, දිමත් අබේසිංහ 126, දුශාන් සයුරංග නොදැවී 61, ශරිත් සුදීන 3/81, කවීන් නෙත්මිණ 4/79, අවිශ්ක සඳරුවන් 2/73
  • ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 83 (24.0)උෂාන් ආදිත්‍ය නොදැවී 58

ද මැසිනෝද් විද්‍යාලය ලකුණු 289ක් පිටුපසින්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (74.4) හිරුන් ලියනාරච්චි 100, රෙහාන් පීරිස් 21, විමත් දින්සර 33, හිමරු ද සිල්වා 58, දසුන් වැලිඅංග 2/39, රයන් ග්‍රෙගරි 2/77, ප්‍රවීන් ගමගේ 3/41, සිසල් හේමක 2/15
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 22 (14.0)

සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 238ක් පිටුපසින්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

  • මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 237 (62.0)තෙවිඳු රශ්මික 37, දුල්සිත් දර්ශන 44, රන්දුල මාබරණ 62, සෙහස් ආශිංස නොදැවී 29, අරෝෂ උදයංග නොදැවී 25, සශිත් බණ්ඩාර 2/49, ඔනිත විතානගේ 2/58

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<