ආදිත්‍ය, අදීශ සහ පැතුම් ශතක වාර්තා කරයි

Tier B - 3 Day Tournament 2025/26

3
Tier B - 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතියේ පළමු දිනයේ (30) දී ආදිත්‍ය සිරිවර්ධන, අදීශ නානායක්කාර සහ පැතුම් ඩිල්ශාන් ශතක වාර්තා කිරීමට සමත් වෙනවා.

ඔවුන් අතුරින් United Southern කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ආදිත්‍ය සිරිවර්ධන සහ අදීශ නානායක්කාර SL Navy කණ්ඩායමට එරෙහි ව ශතක ඉනිම් වාර්තා කරමින් නොනැවතී 1 වැනි කඩුල්ලට පන්දු 240ක දී ලකුණු 202ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී ආදිත්‍ය සිරිවර්ධන පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 143ක් ද සහ අදීශ නානායක්කාර පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 114ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව SL Army කණ්ඩායමේ  පැතුම් ඩිල්ශාන් Moratuwa කණ්ඩායමට එරෙහි ව පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබා ගන්නා අතර ඔහුට අමතර ව තරිඳු ඩිලංක පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 99කට දැවී යමින් ශතකය අහිමි කර ගන්නවා.

ඔවුන්ට අමතර ව Sebastianites කණ්ඩායමේ උමයංග සුවාරිස් (91), Kandy Customs කණ්ඩායමේ අශාන් රන්දික (52) සහ ලක්ෂාන් ගමගේ (52), Sebastianites කණ්ඩායමේ අකීල් ඉන්හාම් (53), Galle කණ්ඩායමේ සුපුන් කාවින්ද (80) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

පන්දු යැවීමේ දී දිනයේ දක්ෂතම පන්දු යැවීමේ ගෞරවය දිනා ගන්නේ Sebastianites කණ්ඩායමේ මල්ශාන් ගුණසිංහ. ඔහු SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතර ව Colombo Malay කණ්ඩායමේ උෂාන් මනෝහර (5/58) සහ SSC කණ්ඩායමේ ගිශාන් බාලසූරිය (5/64) දක්ෂ පන්දු යැවීම් හී නිරත වෙනවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

SL Navy SC සහ United Southern CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – United Southern CC

United Southern CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 376 (83.0) ආදිත්‍ය සිරිවර්ධන 143, අදීශ නානායක්කාර 114, හංස මිහරංග 20, පෙසඳු සංජන් නොදැවී 49, සසංක පෙරේරා නොදැවී 22, ගිහාන් ද සොයිසා 2/78, වරුණ මයන්ත 2/19

Colombo Malay CC සහ Sebastianites C & AC අතර තරගය අනුරාධපුර, සමාධි යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colombo Malay CC

Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (56.4) මාලිංග මලිගස්පේ 20, උමයංග සුවාරිස් 91, තරුෂ ප්‍රනාන්දු 33, උෂාන් මනෝහර 5/58, වෝෂිත අමරසිංහ 2/19, චානක දේවින්ද 2/37

 

Colombo Malay CC – පළමු ඉනිම කඩුල්ලක් දැවී‍ 77 (25.0) සචින් ගොඩමාන්න 31, නිම්න උමේෂ් නොදැවී 40

Colombo Malay කණ්ඩායම ලකුණු 134ක් පිටුපසින්.

Moratuwa SC සහ SL Army SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SL Army SC

SL Army SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 355 (85.2) පැතුම් ඩිල්ශාන් 105, ක්‍රිශේන් අපෝන්සු 41, තරිඳු ඩිලංක 99, ෂෙහඳ සොයිසා 44, රත්නරාජා තෙන්නකෝන් 25, ගයාන් සිරිසෝම 2/101, චානක රුවන්සිරි 2/86, රශ්මික මෙවන් 3/18

Negombo CC සහ Kandy Customs SC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Negombo CC

Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 213 (61.4) මාලිංග මලිගස්පේ 40, අශාන් රන්දික 52, ලක්ෂාන් ගමගේ 52, සුධීර වීරරත්න 33, වරුණ ඉමේෂ් 3/48

Leo CC සහ SSC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SSC

Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (49.2) හිරුන් සිගේරා 27, අකීල් ඉන්හාම් 53, විශ්ව රාජපක්ෂ 20, පූර්ණ කල්හාර නොදැවී 25, කසුන් රාජිත 2/24, ගිශාන් බාලසූරිය 5/64

 

SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 101 (25.1) නුවනිඳු ප්‍රනාන්දු 21, රනුද සෝමරත්න 25, මල්ශාන් ගුණසිංහ 5/28, ගිත්මින් කොළඹගේ 4/37

 

Sebastianites C & AC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 28 (10.0)

Sebastianites කණ්ඩායම ලකුණු 87ක් ඉදිරියෙන්.

Galle CC සහ Ragama CC කණ්ඩායම අතර තරගය කොළඹ, Moors ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ragama CC

Galle CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී‍ 297 (83.0) රමේෂ් නිමන්ත 48, අමිත් එරන්ද 27, සුභානු රාජපක්ෂ 33, සුපුන් කාවින්ද 80, චතුර රන්දුණු 31, උපුල් ඉන්ද්‍රසිරි 3/79, රවිඳු සෙම්බකුට්ටිගේ 2/31

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<