Home Sinhala පවන් තනි වෙයි; එංගලන්තය තරගාවලිය ජය ගනියි!

පවන් තනි වෙයි; එංගලන්තය තරගාවලිය ජය ගනියි!

England Tour Of Sri Lanka 2026

2
England Tour Of Sri Lanka 2026

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තෙවැනි සහ අවසන් එක්දින තරගය අද (27) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය මෙවර එංගලන්ත නායකයා සතු වූ අතර, ඔහු දෙවරක් නොසිතාම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව එංගලන්ත පිතිකරුවන් විසින් තරගයේ පළමු ඉනිම ආරම්භ කළා. මෙහි දී එංගලන්ත ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 40ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඒ වන විට එංගලන්ත ඉනිමේ පන්දුවාර දහයක් අවසන් වී තිබුණා.

ඒ වන විට එංගලන්තය එතරම් හොඳින් පිතිකරණයේ යෙදුණේ නැහැ. කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ Jacob Bethell සහ Joe Root විසින් ඉනිනේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා මේ වෙනුවෙන් වැය කළේ පන්දු 124ක් පමණක් වන අතර, මෙහි දී Bethellගේ පිත්තෙන් ඉනිමට ලකුණු 65ක් එකතු වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමට අවශ්‍ය ස්ථාවරත්වය ලබා දීමට සමත් වූ අතර, Bethellගේ දැවී යාමෙන් පසුව එංගලන්ත නායක Harry Brook පිටියට අවතීර්ණ වුනා.

එතෙක් වෙලා එංගලන්ත පිතිකරුවන් විසින් දියත් කළ පිතිකරණය අබිබවා ගිය මොවුන් යුගලය විසින් එතැන් සිට ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් විශිෂ්ට පිතිකරණයක නියැලීමට සමත් වුනා.

Root සහ Brook විසින් පන්දු 113ක් පමණක් වැය කරමින් ලකුණු 191ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

මෙහි දී මෙම ලකුණු 191න් 136කම අයිතිය Brook සතු වූ අතර, පන්දු 66ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 09ක් අන්තර්ගත වුනා.

මේ අතර ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් නැවතත් සිය සුපුරුදු පිතිකරණ රටාව ඉදිරියට රැගෙන ගිය Root විසින් පන්දු 108ක් තුළ ලකුණු 111ක් වාර්තා කිරීමට සමත් වුනේ එක් හයේ පහරක් සහ හතරේ පහර 09ක් ද සමඟයි.

මේ අනුව එංගලන්තය සිය ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම ඉනිමේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා දරුණු ලෙස පහර කෑමට ලක් වුනා.

මින් අනතුරුව එංගලන්තය විසින් ලබා දුන් දැවැන්ත අභියෝගය හඹා යාම වෙනුවෙන් කමිල් මිශාර සහ පැතුම් නිස්සංක පිටියට පිවිසුණා.

මොවුන් දෙදෙනා විසින් ඉනිමට අවශ්‍ය වේගවත් ආරම්භය ලබා දෙමින් පන්දුවාර පහක් තුළ ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී කමිල් පන්දු 17කින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනා.

කමිල්ගේ දැවී යාමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ පැතුම් එක් වී තවදුරටත් වේගයෙන් ලකුණු රැස් කිරීම සිදු කළ අතර, ඒ අනුව ඉනිමේ අට වැනි පන්දුවාරය වන විට ඔවුන් ලකුණු 80 සීමාව පවා තරණය කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් මේ මොහොතේ පන්දු 09කින් ලකුණු 20ක් ලැබූ කුසල් මෙන්ම, හයේ පහර ත්‍රිත්වයක් ද සමඟ පන්දු 25කින් ලකුණු 50ක් වාර්තා කළ පැතුම් ද පිටියෙන් ඉවත් කිරීමට එංගලන්තය සමත් වුනේ තරගයේ වාසිය තමන් වෙතට හරවා ගනිමිනුයි.

ඒ වන විට ශ්‍රී ලංකාවට ස්ථාවර ඉනිමක අවශ්‍යතාව දැනෙමින් තිබූ අතර, ඒ වෙනුවෙන් වගකීම බාර ගැනීමට අංක හතර පිතිකරු ලෙස උසස් වීමක් ලැබූ පවන් රත්නායක ඉදිරිපත් වුනා.

කෙසේ නමුත් වෙනත් එකදු පිතිකරුවකු හෝ පවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට තරම් ඉවසිලිවන්ත නොවීම අවාසනාවට කරුණක්. මෙහි දී පවන් සමඟ සබඳතා ගොඩ නැගූ පිතිකරුවන් අතර ජනිත් ලියනගේ සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 22 බැගින් ලබමින් තරමක හෝ සාර්ථක සබඳතා වෙනුවෙන් සහය දුන්නා. කෙසේ වෙතත් දිගින් දිගටම කඩුලු බිඳ වැටීම නිසා පවන්ට ද ඉක්මන් ලකුණු කරා යාම වෙනුවෙන් අවදානම් පහර එල්ල කිරීමට සිදු වූ අතර, ඒ අනුව ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 121ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වුනා. පවන්ගේ ඉනිම පන්දු 115ක් තුළ ක්‍රියාත්මක වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුනා.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 304ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකාවට තරගයෙන් ලකුණු 53ක පරාජයක් උරුම වුනා.

මේ අනුව දෙරට අතර එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා.

Result
Sri Lanka
304/10 (46.4)
England
357/3 (50)
Batsmen R B 4s 6s SR
Rehan Ahmed c Jeffery Vandersay b Wanindu Hasaranga 24 37 3 0 64.86
Ben Duckett c Dunith Wellalage b Dhananjaya de Silva 7 17 0 0 41.18
Joe Root not out 111 108 8 1 102.78
Jacob Bethell c Janith Liyanage  b Jeffrey Vandersay  65 72 8 0 90.28
Harry Brook not out 136 66 11 9 206.06
Extras 14 (b 4 , lb 3 , nb 0, w 7, pen 0)
Total 357/3 (50 Overs, RR: 7.14)
Bowling O M R W Econ
Asitha Fernando 9 0 77 0 8.56
Janith Liyanage  3 1 7 0 2.33
Dhananjaya de Silva 5 0 45 1 9.00
Dunith Wellalage 10 0 49 0 4.90
Wanindu Hasaranga 10 0 76 1 7.60
Jeffery Vandersay 10 0 76 1 7.60
Charith Asalanka 3 0 20 0 6.67

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Jonny Bairstow b Jamie Overton 50 25 5 2 200.00
Kamil Mishara  c Rehan Ahmed b Will Jacks 22 17 5 0 129.41
Kusal Mendis c Harry Brook b Jamie Overton 20 9 2 1 222.22
Pavan Rathnayake b Sam Curran 121 115 5 0 105.22
Charith Asalanka c Harry Brook b Adil Rashid 13 16 1 0 81.25
Janith Liyanage  run out (Harry Brook) 22 36 0 0 61.11
Dhananjaya de Silva c Harry Brook b Will Jacks 9 16 0 0 56.25
Dunith Wellalage c Will Jacks b Liam Dawson, 22 24 0 0 91.67
Wanindu Hasaranga c Ben Duckett b Adil Rashid 9 0 0 0 0.00
Jeffery Vandersay c Sam Curran b Liam Dawson, 14 15 0 0 93.33
Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 304/10 (46.4 Overs, RR: 6.51)
Bowling O M R W Econ
Jamie Overton 4 0 48 2 12.00
Sam Curran 5.4 0 44 0 8.15
Liam Dawson, 10 0 48 1 4.80
Will Jacks 8 0 43 2 5.38
Adil Rashid 10 0 61 2 6.10
Jacob Bethell 5 0 28 0 5.60
Rehan Ahmed 4 0 31 0 7.75

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<