ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැති තරගවල දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන මෙවන් දිසානායක මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 91කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
මේ අතර පැවැති තරගවල දිනයේ හොඳම ඉනිම වාර්තා කිරීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භක පිතිකරු සවි ප්‍රනාන්දු සමත් වුණා. ඔහු මෙම දක්ෂතාව සිදු කළේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා සිටියා.
ඔහු ශවිඳු සිල්වා සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 119ක සබඳතාවක් ද ගොඩ නැගුවා. එහි දී ශවිඳු සිල්වා පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා. ඔහු ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 4ක් ලකුණු 45කට දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා.
මේ අතර අද විසඳුමකින් තොරව අවසන් වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ සෙතුජ මන්දිනූ පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 71ක් ද, සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ටෙහාන් බීටර් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ මාරියෝ ප්‍රනාන්දු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 55ක් ද ලබා ගත්තා.
- නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට
- මහනුවර සිසල් සහ චනිරු ශතක ලබා ගනී
- සුපිරි 6 කණ්ඩායම් තීරණය වෙයි
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (71.2)මාරියෝ ප්‍රනාන්දු 65, මෙවන් දිසානායක 37, විහඟ රත්නායක 35, සිතුම් හසරංග නොදැවී 82, මනුග ගුරුගේ 2/59, තත්සර දෙව්මිත් 4/76
- සාන්ත තෝමස් විද්‍යාලය–පළමු ඉනිම සියලුම දෙනා දැවී 234 (74.0) පුනාල් පමුදිත 24, සෙතුජ මන්දිනු 71, මනුග ගුරුගේ 36, අයේෂ් ගජනායක 2/20, මෙවන් දිසානායක 6/91
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 145 (42.0) මාරියෝ ප්‍රනාන්දු 55, ටෙහාන් බීටර් නොදැවී 58, මිහිල ජයවීර නොදැවී 27
තරගයේ විසඳුමක් නෑ. (සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)
- මූලික වටයේ අවසන් සතිය තරගකාරී ලෙස නිමා වෙයි.
- බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට; පාකිස්තානයත් ඉවත් වෙන්න සූදානම් වෙයි!
අද (26) ආරම්භ වූ තරගය
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
- රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (47.1)බෙවින් ජයවර්ධන 38, නෙතුජ බාසිත 43, සදීශ කාරියවසම් 3/13, සදීශ සිල්වා 4/45, දිනසර රත්නවීර 3/37
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 174 (42.0)සවි ප්‍රනාන්දු නොදැවී 88, හිරුක සිල්වා 24, ශවිඳු සිල්වා නොදැවී 44, ටෙනුෂ නිම්සර 2/43
සාන්ත පීතර විද්‍යාලය ලකුණු 44ක් ඉදිරියෙන්.
මෙම තරගය හෙට (27) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















