ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අවසන් කරමින් පැවැති දිනයේ (25) දී Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
Tamil Union කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගත් මෙම ලකුණු 200 සඳහා පන්දු 317කට මුහුණ දුන් ඔහු, ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කළා. මෙම ද්විත්ව ශතක ඉනිම ඔහුගේ පළමු පෙළ තරග 101ක ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 5000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.
මේ අතර එම කණ්ඩායමේ ම සම්මු අශාන් ද අද ශතකයක් වාර්තා කිරිමට සමත් වීම කැපී පෙණුනා. ඔහු පන්දු 313කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 146ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 62ක 5 වැනි ශතකය මෙන් ම එම තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
ඔවුන් දෙදෙනා එක් ව එම ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 529ක දී ලකුණු 254ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වීම කැපී පෙණුනා.
ඔවුන්ට අමතර ව Panadura කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 89ක 14 වැනි ශතකය වන අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 6000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.
අද දිනයේ දී දක්ෂතා පෑ පිතිකරුවන් අතුරින් Nugegoda කණ්ඩායමේ අක්‍රම් මුතාලිබ් ඉනිම 2 දී ම අර්ධ ශතක රැස් කරන අතර ඊට අමතර ව Chilaw Marians කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා (50) අර්ධ ශතක ඉනිමක් රැස් කිරීමට සමත් වෙනවා.
පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Baduraliya කණ්ඩායමේ බුද්ධික සංජීව (5/54) සමත් වෙනවා.
මේ අතර අද නිමා වූ තරගවල දී Baduraliya කණ්ඩායම Nugegoda කණ්ඩායමට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර අනෙක් තරග ද්විත්වය අවසන් වූයේ විසඳුමකින් තොරවයි.
- සුපිරි 6 කණ්ඩායම් තීරණය වෙයි
- බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට; පාකිස්තානයත් ඉවත් වෙන්න සූදානම් වෙයි!
- ඩිල්ශාන් සහ නවෝද් ශතක ලබා ගනී
- T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!
- අංජල බණ්ඩාර ද්විත්ව ශතක සමාජයට එක් වෙයි
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Kurunegala Youth CC අතර Panadura SC තරගය මග්ගොන, Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Panadura SC
- Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 303 (126.2) මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ශාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 25, චමෝද් සඳරු 75, දිනුශ්ක මාලන් 24, ලහිරු ජයරත්න 20, මොහොමඩ් ඩිල්ශාඩ් 3/59, අසංක මනෝජ් 4/77
- Panadura SC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 322 (100.2) ඔෂද ප්‍රනාන්දු 41, ඉරෝෂ් සමරසූරිය 96, දුශාන් විමුක්ති 33, ෂෙහාන් ජයසූරිය නොදැවී 100, කංචන ද ලිවේරා නොදැවී 30, චාමිකර එදිරිසිංහ 3/112
- Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 114 (46.3) ගයාන් මනීශාන් 28, ගයන වීරසිංහ 36, ලක්ෂාන් එදිරිසිංහ 34, දුෂාන් විමුක්ති 2/26
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Panadura කණ්ඩායමට)
Baduraliya SC සහ Nugegoda S & WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Nugegoda S & WC
- Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 417 (133.5) රොෂාන් විජේනායක 55, ඩිල්ශාන් ද සොයිසා 145, ගීත් කුමාර 62, සුමින්ද ලක්ෂාන් 59, අලංකාර අසංක 62, මධුක ලියනපතිරණ 3/97, නිපුන් මාලිංග 3/108, ලොහාන් ද සොයිසා 2/77, අනුක් ප්‍රනාන්දු 2/72
- Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (53.5) අවිශ්ක පෙරේරා 38, ප්‍රමුද් හෙට්ටවත්ත 43, මධුක ලියනආරච්චිගේ 20, අක්‍රම් මුතාලිබ් නොදැවී 56, බුද්ධික සංජීව 5/54, මාලින්ද පුෂ්පකුමාර 4/80
- Nugegoda S & WC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 243 (65.4) ප්‍රමුද් හෙට්ටිවත්ත 70, අක්‍රම් මුතාලිබ් 70, බුද්ධික සංජීව 2/81, කේශර නුවන්ත 4/58, සුමින්ද ලක්ෂාන් 3/27
- Baduraliya SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 16 (1.5) ලහිරු දවටගේ නොදැවී 11
Baduraliya කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
Tamil Union C & AC සහ Chilaw Marians CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 469 (125.2) නවොද් පරණවිතාන 152, මිනෝද් භානුක 62, තුලින ඩිල්ශාන් 39, ශාරුජන් ශන්මුගනාදන් 48, සචිත ජයතිලක 76, ලහිරු සමරකෝන් 27, තික්ෂිල ද සිල්වා 3/71, කල්හාර සේනාරත්න 4/142, චලන ද සිල්වා 2/99
- Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 505 (142.0) තනුක දාබරේ 31, හිරාන් ජයසුන්දර 23, සම්මු අශාන් 146, කසුන් විදුර නොදැවී 200, තික්ෂිල ද සිල්වා 50, කවිඳු දිල්හාර 2/91, තරිඳු රත්නායක 4/183
තරගයේ විසඳුමක් නෑ. (Chilaw Marians කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















