2026 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය අද (19) අයර්ලන්තය සමඟ පැවැත්වුණා.
මෙම තරගයත් නැමීබියාවේ Windhoek ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක විමත් දින්සර සතු වුනා. ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත ක්‍රීඩා පිටියට පිවිසුණු නමුත්, පෙර තරගයේ දී මෙන් මෙවර ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අයර්ලන්තය ඉඩ ලබා දුන්නේ නැහැ.
ඉනිමට ලකුණු 17ක් එක් වන විට ඔවුන් දෙදෙනා ම ක්‍රීඩාගාරය වෙත හරවා යවා තිබූ අතර, ඉනිමේ තෙවන කඩුල්ල ලෙස දුල්නිත් සිගේරා ලකුණු 22කට දැවී යන විට මුළු ලකුණු පුවරුව ලකුණු 59ක් ලෙස සටහන් වී තිබුණා.
මේ මොහොතේ නායක විමත් සහ කවිජ ගමගේ කඩුල්ලේ එක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක් එක් කිරීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් කවිජගේ පිත්තෙන් ලකුණු 49ක් එක් වුනා.
කවිජ පිටියෙන් ඉවත් වීමෙන් පසුව චාමික හීනටිගල සහ විමත් විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. දෙදෙනා විසින් සිය සබඳතාව ලකුණු 100ක් ලෙස සටහන් කරද්දී එතෙක් වෙලා විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි විමත් ලකුණු 95කට දැවී ගිය අතර, පන්දු 102ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුනා.
විමත්ගේ දැවී යාමෙන් පසුව චාමික සහ ආදම් හිල්මි ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 267ක් කරා රැගෙන යාමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් චාමිකගේ පිත්තෙන් ලකුණු 51ක් එක් වුනා.
මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2ක් බිඳ හෙළීමට අයර්ලන්තයේ Oliver Riley විසින් සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
-
නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
මින් අනතුරුව ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 268ක ඉලක්කය හඹා යාම සඳහා අයර්ලන්ත පිතිකරුවන් පිටියට අවතීර්ණ වුනත්, ඔවුන්ට නිසි අයුරින් ලකුණු හඹා යාමට ශ්‍රී ලංකා පන්දු බළඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.
අයර්ලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු වාර්තා කළ ආරම්භක පිතිකරු Callum Armstrong ලකුණු 39ක් වාර්තා කරද්දී, නායක Oliver Riley ලකුණු 31ක් ද, Reuben Wilson ලකුණු 32ක් ද ලබා ගැනීමට සමත් වුනා.
ඒ හැරුණු කොට එකදු අයර්ලන්ත පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවා නොයාම නිසා පන්දුවාර 40 එක් පන්දුවක් තුළ අයර්ලන්ත ඉනිම ලකුණු 161කට සීමා වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක් වූ දුල්නිත් සිගේරා කඩුලු 4ක් දවා ගන්නා අතරේ, රසිත් නිම්සර විසින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා නායක විමත් දින්සර සම්මාන දිනා ගැනීමට සමත් වුනා.
මේ අනුව මෙම තරගයෙ ශ්‍රී ලංකාවට ලකුණු 106ක ජයක් හිමි වූ අතර, මෙම ජයත් සමඟ ඉහළ දළ ලකුණු වේගයක් ද සහිතව A කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික වටයේ අවසන් තරගය එළඹෙන සිකුරාදා (23) ප්‍රබල ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතයි.
19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















