උමේෂ් ලක්ෂාන්ගෙන් නැවතත් ශතකයක්

Tier B - 3 Day Tournament 2025/26

2
Tier B - 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතිය අවසන් කරමින් පැවැති දිනයේ (18) එක ම ශතකලාභියා බවට පත් වීමට Negombo කණ්ඩායමේ උමේෂ් ලක්ෂාන් සමත් වුණා.

ඔහු Moratuwa කණ්ඩායමට එරෙහි ව පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද 2 වැනි ශතකයයි. ඔහු මෙම ඉනිමේ දී පසිඳු තිරිමාදුර හා එක් ව ඔවුන්ගේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 288ක දී ලකුණු 171ක සබඳතාවක් ද ගොඩ නගනවා.

මේ අතර අද පැවැති තරගවල දී United Southern කණ්ඩායමේ ආදිත්‍ය සිරිවර්ධන (55), පෙසඳු සංජන් (50), Galle කණ්ඩායමේ ලිසුල ලක්ෂාන් (නොදැවී 55), SSC කණ්ඩායමේ නිපුන් ධනංජය (නොදැවී 75), Negombo කණ්ඩායමේ පසිඳු තිරිමාදුර (86), Moratuwa කණ්ඩායමේ රශ්මික මෙවන් (නොදැවී 53) සහ SL Navy කණ්ඩායමේ ඉශාන් අබේසේකර (68) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම් වාර්තා කිරීමට මිරංග වික්‍රමගේ සහ චතුර රන්දුනු සමත් වුණා. ඔවුන් අතුරින් Sebastianites කණ්ඩායමේ මිරංග වික්‍රමගේ United Southern කණ්ඩායමට එරෙහි ව ලකුණු 49කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Galle කණ්ඩායමේ චතුර රන්දුනු Leo කණ්ඩායමට එරෙහි ව ලකුණු 63කට කඩුලු 6ක් දවා ගත්තා.

ඔවුන්ගේ දක්ෂතාවලට අමතර ව SSC කණ්ඩායමේ කසුන් රාජිත (5/27), Kandy Customs කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම (5/121) කැපී පෙණෙන පන්දු යැවීම්වල නිරත වූ අතර SL Navy කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් අද Ragama කණ්ඩායමට එරෙහි ව ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 80කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර අද නිමා වූ තරගවල දී SSC කණ්ඩායම තම 6 වැනි ජයග්‍රහණය වාර්තා කළ අතර Kandy Customs කණ්ඩායම මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූණා. අනෙකුත් තරග අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

United Southern CC සහ Sebastianites C & AC අතර තරගය පානදුර, මහජන ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Sebastianites C & AC

  • United Southern CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 341 (99.0) කවිඳු එදිරිවීර 141, පෙසඳු සංජන් 33, ඩිල්ශාන් කාංචන 26, දෙනුවන් රාජකරුණා 83, සසංක පෙරේරා 28, මනෙල්ක පෙරේරා 2/36, චරිත් රාජපක්ෂ 2/43, හෂාන් සංදීප 3/90
  • Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (70.0) මාලිංග මලිගස්පේ 44, කවින් පීරිස් 22, තරුෂ ප්‍රනාන්දු 46, නවිඳු නිර්මාල් 98, මිරංග වික්‍රමගේ 20, තරුශ් දමිඳු 4/63, හිමල් රවිහංස 3/79
  • United Southern CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 168 (58.4) ආදිත්‍ය සිරිවර්ධන 55, පෙසඳු සංජන 50, මිරංග වික්‍රමගේ 6/49, හෂාන් සංදීප 2/59
  • Sebastianites C & AC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 138 (37.0) මාලිංග මලිගස්පේ 42, රුසිරු විලෝචන 23, මනෙල්ක ද සිල්වා 26, ධනොෂ් ද සිල්වා 2/25, සසංක පෙරේරා 2/28, හිමාල් රවිහංස 4/34

තරගයේ විසඳුමක් නෑ. (United Southern කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Colombo Malay CC සහ Kandy Customs SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය –  Kandy Customs SC

  • Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 414 (84.0) මලිඳු මදුරංග 196, අශාන් රන්දික 27, අවිඳු තීක්ෂණ 71, ඩිලාන් ජයලත් නොදැවී 63, කාවින්ද ඊශ්වර 3/78, සුදාර දක්ෂිණ 4/94, චානක දේවින්ද 2/94
  • Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී‍ 161 (48.1) වොෂිත අමරසිංහ 38, පුලස්ති අතපත්තු 42, කවීෂ ඉඳුවර 3/20, මිතුන් ජයවික්‍රම 4/48
  • Colombo Malay CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 329 (131.2) සචින් ගොඩමාන්න 31, චානක දේවින්ද 45, පුලස්ති අතපත්තු 95, ටිරොන් බාස්කර්න් 42, කවීෂ දුලාංජන 55, මිතුන් ජයවික්‍රම 5/121, ඩිලාන් ජයලත් 2/37
  • Kandy Customs SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 80 (7.4) මලිඳු මදුරංග 23, අශාන් රන්දික නොදැවී 36

Kandy Customs කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Leo CC සහ Galle CC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Galle CC

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (79.5) රමේෂ් නිමන්ත 99, අමිත් එරන්ද 33, සුභානු රාජපක්ෂ 51, ලිසුල ලක්ශාන් 38, හංසමාන ද සිල්වා 29, රජීව වීරසිංහ 32, මංගල ප්‍රදීප් 4/111, මල්ශාන් චතුරංග 4/127
  • Leo CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 330 (99.5) සලිඳු පතිරණ 92, රොමේෂ් සුරංග 38, විශ්ව රාජපක්ෂ නොදැවී 50, සෙනාශ් ප්‍රනාන්දු 38, මල්ශාන් ගුණසිංහ නොදැවී 23, රජීව වීරසිංහ 2/72, කෙවින් කොත්තිගොඩ 2/46, සුභානු රාජපක්ෂ 3/74
  • Galle CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 229 (42.0) රමේෂ් නිමන්ත 20, අමිත් එරන්ද 24, සුභානු රාජපක්ෂ 23, හසිත සුරංග 36, කෙවින් කොත්තිගොඩ 27, ලිසුල ලක්ෂාන් නොදැවී 55, මංගල ප්‍රදීප් 4/79
  • Leo CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 136 (39.0) හිරුන් සිගේරා 23, සලිඳු පතිරණ 26, විශ්ව රාජපක්ෂ නොදැවී 31, චතුර රන්දුනු 6/63

තරගයේ විසඳුමක් නෑ. (Leo කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

SL Army SC සහ SSC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SL Army SC

  • SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (71.5) පැතුම් ඩිල්ශාන් 35, ක්‍රිශේන් අපෝන්සු 75, අසේල ගුණරත්න 34, ෂෙහඳ සොයිසා 39, කසුන් රාජිත 3/58, ප්‍රභාත් ජයසූරිය 2/56, නුවනිඳු ප්‍රනාන්දු 2/14, නිපුන් ධනංජය 3/31
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (65.0) අවිශ්ක ප්‍රනාන්දු 78, ක්‍රිශාන් සංජුල 32, ශෙහඳ සොයිසා 3/40, රත්නරාජා තෙනුරතන් 2/10
  • SL Army SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 127 (48.1) ක්‍රිශේන් අපෝන්සු 41, අසේල ගුණරත්න 28, ප්‍රභාත් ජයසූරිය 4/62, කසුන් රාජිත 5/27
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 179 (43.5) අවිශ්ක ප්‍රනාන්දු 25, ශෙවෝන් ඩැනියෙල් 57, නිපුන් ධනංජය නොදැවී 77, අසේල ගුණරත්න 2/19

SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Moratuwa SC සහ Negombo CC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Negombo CC

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.2) කවීන් ප්‍රනාන්දු 42, අමිත පෙරේරා 37, ගයාන් සිරිසෝම 4/40, මෙතුශාන් තිළිණ 3/19
  • Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (96.5) අබිශේක් ලියනාරච්චි 23, තිලිණ ඩිල්ශාන් 34, රශ්මික මෙවන් 27, පුබුදු බණ්ඩාර 34, ගවිනු බොතේජු 50, චානක රුවන්සිරි 20, සහන් කෞෂල්‍ය 26, විදුර ලක්ශාන් නොදැවී 20, දනුශ්ක සඳරුවන් 4/78, ෂෙහාන් ප්‍රමෝද් 2/47, අමිත පෙරේරා 3/64
  • Negombo CC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 365 (104.0) කවීන් ප්‍රනාන්දු 38, පසිඳු තිරිමාදුර 22, උමේෂ් ලක්ෂාන් 120, ෂෙහාන් ප්‍රමෝද් 27, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 32, ගයාන් සිරිසෝම 4/98, චානක රුවන්සිරි 2/77
  • Moratuwa SC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 102 (24.0) රශ්මික මෙවන් නොදැවී 53, පුබුදු බණ්ඩාර 20, ගවින් බොතේජු නොදැවී 22

තරගයේ විසඳුමක් නෑ. (Moratuwa කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Ragama CC සහ SL Navy SC කණ්ඩායම අතර තරගය කොස්ගම, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SL Navy SC

  • SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී‍ 77 (28.3) තෙවිඳු දික්වැල්ල 30, තරුශ කොඩිකාර 5/40, උපුල් ඉන්ද්‍රසිරි 4/08
  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (88.0) සහිල් ඩයස් 51, රන්මිත් ජයසේන 54, චානක විජේසිංහ 35, කෙමිර විජේනායක නොදැවී 79, ඩිලංක අවර්ඩ්ට් 6/58, පූර්ණ චාරුක 2/53
  • SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 332 (92.5) තෙවිඳු දික්වැල්ල 85, ඉශාන් අබේසේකර 68, පූර්ණ චාරුක 57, තුශාල් ආදිත්‍ය නොදැවී 34, කොශාන් ජයවික්‍රම 4/65, උපුල් ඉන්ද්‍රසිරි 4/120
  • Ragama CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 75 (37.0) රවිඳු සෙම්බකුට්ටි නොදැවී 26, ඩිලංක අවර්ඩ්ට් 4/22, ඉශාන් අබේසේකර 2/10

තරගය විසඳුමක් නෑ. (Ragama කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<