ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරග අතුරින් කොළඹ වෙස්ලි විද්‍යාලය නියෝජනය කරන සෙහඳු ආතාවුද, රශ්මික අමරරත්න සහ කවිඳු හෙට්ටිආරච්චි අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට කැපී පෙණුනා.
ඔවුන් මෙම දක්ෂතාව සිදු කළේ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිවයි. එහි දී රශ්මික අමරරත්න පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ද, කවිඳු හෙට්ටිආරච්චි පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ද සහ සෙහඳු ආතාවුද පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.
මේ අතර අද දවසේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමේ ගෞරවය දිනා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කෞෂික කුමාරසිංහ සමත් වෙනවා. ඔහු කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.
ඊට අමතර ව ගාල්ල මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරු තෙවිඳු රශ්මික මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහි ව පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආරොන් කොඩිතුවක්කු කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහි ව පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දිමත් අබේසිංහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත් අතර කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මහීෂ සිතුම් කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහි ව පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මහීෂ සිතුම්. ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහි ව ලකුණු 55කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මෙවන් දිසානායක (5/43) ද පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.
මේ අතර අද නිමා වූ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වෙනවා.
- Patel සහ Francis පළමු දිනය වර්ණවත් කරයි
- රජිත් සහ දිනිඳු අර්ධ ශතක ලබා ගනී
- T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය එළි දක්වයි
කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (52.0)තිවංක පබසර 47, රජිත් නවෝද්‍ය සමරසිංහ 65, දුශාන් සයුරංග 25, නිශුද සොම්නස් චන්ද්‍රසිරි 21, මහීෂ සිතුම් 2/57, තාරුක මනරම් 3/41, දම්සිත් සුබාෂ 3/45
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (63.5)දිනිඳු ඩිලාන් නොදැවී 65, අශේන් සත්සර 20, දමිත අබේසිංහ 3/36, සොනාල් අශ්වින් 3/31
- මලියදේව විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 100 (34.3)දිමත් අබේසිංහ 61, මහීෂ සිතුම් 6/55, තාරුක මනරම් 3/26
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 148 (36.4)දිනිඳු ඩිලාන් 26, මහීෂ සිතුම් නොදැවී 66, දිමත් අබේසිංහ 3/56, සොනාල් අශ්වින් 3/46
සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
අද (16) ආරම්භ වූ තරග
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය මහනුවර, අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (63.4)පුලීශ තිලකරත්න 28, චනිරු සේනාරත්න 36, මාලික විතානගේ 35, සංතෝශ් ක්‍රිතීක්ෂණ 39, අරෝෂ උදයංග 3/63, ගෙසඳු බිසස් 2/09, සෙහස් ආශිංස 3/22
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 99 (23.0)තෙවිඳු රශ්මික නොදැවී 58, රන්ඳුල මාබරණ 26
මහින්ද විද්‍යාලය ලකුණු 104ක් පිටුපසින්.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත ජෝශප් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 198 (78.0)අවිශ්ක ප්‍රනාන්දු 22, ආරොන් කොඩිතුවක්කු 52, රැපියෙල් හෙට්ටිගේ 23, ගිම්හාන් මෙන්ඩිස් 22, තිසංග පෙරේරා 2/25, විශ්ව පීරිස් 4/67
- සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 35 (15.0)අවීශ සාමාශ් නොදැවී 19
සාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු 163ක් පිටුපසින්.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරගය කොළඹ, වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (79.1) සෙහඳු ආතාවුද 54, චරණ මාලිම්බඩ 23, රශ්මික අමරරත්න 65, කවිඳු හෙට්ටිආරච්චි 63, නිමේෂ් සිල්වා 3/87, ඉශාන් ප්‍රභාගරන් 3/70
- සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 53 (14.3)ගගන ලංකේශ්වර 20, විදුසර ගනේගොඩ නොදැවී 32
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය ලකුණු 217ක් පිටුපසින්.
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (56.1) සිසල් හේමක 20, කෞෂික කුමාරසිංහ 85, මෙවන් දිසානායක 5/43, මානික්‍ය දේශප්‍රිය 3/34
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 103 (36.0)මාරියෝ ප්‍රනාන්දු 39, ටෙහාන් බීටර් නොදැවී 34, සනිතු ගුණතිලක 3/19
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 100ක් පිටුපසින්.
මෙම තරග හෙට (17) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















