සසිත් සහ ඔෂද දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

5
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (14) ආරම්භ වූ කැළණිය ශ්‍රී ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගයේ දී ධර්මරාජ විද්‍යාලයේ සසිත් බණ්ඩාර මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහි ව ලකුණු 80කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව අද අවසන් වූ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා අතර තරගයේ දී ඔෂද දේවින්ද ප්‍රතිවාදීන්ට එරෙහි ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට සමත් වූවා. ඔහු  ඇලෝසියස් විද්‍යාලයීය පළමු ඉනිමේ දී පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද සහ ප්‍රතිවාදීන්ට එරෙහි ව තරගයේ දී ලකුණු 117කට කඩුලු 7ක් ද දවා ගන්නවා.

මේ අතර පැවැති තරගවල දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ හශ්මික නෙත්ශාන් (නොදැවී 53), කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කවීන් දෙනෙත් (50) සහ සතිඳු ප්‍රබෝධ (නොදැවී 54) අර්ධ ශතක ඉනිම් වාර්තා කළ අතර පන්දු යැවීමේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ශිනාන් අස්කර් (5/30) ද දක්ෂතා දැක් වූවා.

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය මීගමුව, කදිරාන විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය

  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 203 (80.0)කවීන් දෙනෙත් 50, මෙවන් රන්දීපන 38, සතිඳු ප්‍රබෝධ නොදැවී 54, සසිත් බණ්ඩාර 6/80, කේශන ගුණවර්ධන 2/15
  • ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 24 (13.0) ටිශාන් නිපුන් 2/10

ධර්මරාජ විද්‍යාලය ලකුණු 179ක් පිටුපසින්.

මෙම තරගය හෙට (15) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය කරන්දෙණිය, ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Traditional)

කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (79.1) හංසක පෙරේරා 29, කවිත් ද සිල්වා 78, හෂ්මික නෙත්ශාන් 45, දසුන් නෙත්සර 41, අමීෂ ප්‍රනාන්දු 25, දුල්සත් නිම්විරු 4/100, ඔෂධ දේවින්ද 4/68
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 224 (65.2) ගිම්හාන් හංසක 34, සෙවිත දුමාල් 44, සසිඳු රන්දීප 20, දුල්සත් නිම්විරු 23, ඔෂධ දේවින්ද නොදැවී 51, සවිඳු සත්සර 2/56, කොමින් විජේතුංග 3/63, ශිනාන් අස්කර් 5/30
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 160 (79.1) හංසක පෙරේරා 39, කවිත් ද සිල්වා 20, මෙවන් ජයවීර 24, හශ්මික නෙත්ශාන් නොදැවී 53, ඔෂධ දේවින්ද 3/49

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<