ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් (9) ආරම්භ වූ අතර එහි දී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන කවිඳු සේනාදි මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 57කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව ගාල්ල මහින්ද විද්‍යාලයේ දකුණතින් පා දඟ පන්දු යවන සෙහස් ආශිංස මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහි ව ලකුණු 56කට කඩුලු 5ක් ද සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ විශ්ව පීරිස් කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව ලකුණු 60කට කඩුලු 5ක් ද දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුනා.
දිනයේ පිතිකරුවන් අතුරින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ දිනුල් විජේසිංහ (නොදැවී 65), ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ලුදීශ මාතරගේ (73) සහ රෙශෝන් සොලොමන් (නොදැවී 56), මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ පසන් කුරේ (97), කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් (82) සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අබ්දුල් මාජිඩ් (61) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- සංජන, සනුජ සහ මෙනුල දක්ෂතා දක්වයි
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්
- රෙහාන්, අසදිස, අදේශ් සහ සනුජ ශතක වාර්තා කරයි
- T20 ලෝක කුසලානය වෙනුවෙන් SSC ක්‍රීඩාංගණය නවීකරණය වෙයි
- මිලාන් පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය, ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත ආන්තෝනි විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (68.2) ප්‍රවින් ගමගේ 21, දිනුල් විජේසිංහ නොදැවී 65, රයන් ග්‍රෙගරි 21, දසිත් බටුගහගේ 2/22, කිත්ම සිත්මල් 3/58, ශාරද ජයරත්න 3/29
ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 16 (8.0)
සාන්ත ආනන්ද විද්‍යාලය තවත් ලකුණු 147ක් පිටුපසින්.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 292 (80.0) ජේඩන් අමරවීර 39, ලුදීශ මාතරගේ 73, ආරන් කොඩිතුවක්කු 28, රෙශෝන් සොලොමන් නොදැවී 56, ශනිල් පෙරේරා 33, රශ්මික අමරරත්න 4/58, රශීඩ් නායන් 2/54, මෙත්නුල මායාදුන්නේ 2/46
වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුල්ලක් දැවී 28 (13.0) සෙහඳු ආතාවුද නොදැවී 18
වෙස්ලි විද්‍යාලය ලකුණු 264ක් පිටුපසින්.
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය වේල්ස් කුමාර විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (34.3) රන්දුල මාබරණ 38, ගෙසඳු බිසස් 29, අරෝෂ උදයංග 20, ශෙහාන් අශේන් 5/38
වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 247 (45.2) පළිඟු පෙරේරා 42, ඔශාන් ද සිල්වා 24, පසන් කුරේ 97, මානිත රාජපක්ෂ 2/58, සෙහස් ආශිංස 5/56, අරෝෂ උදයංග 2/57
මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 7 (5.0)
මහින්ද විද්‍යාලය තවත් ලකුණු 98ක් පිටුපසින්.
කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත ජෝශප් විද්‍යාලය
රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 265 (78.0) හිරුන් ලියනාරච්චි 28, රෙහාන් පීරිස් 82, යසිඳු දිසානායක 24, මනුත් දසනායක 25, සෙහඳු සූරියආරච්චි නොදැවී 20, නුශාන් පෙරේරා 3/100, විශ්ව පීරිස් 5/60
සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 35 (13.0) අවීශ සමාශ් නොදැවී 27
සාන්ත ජෝශප් විද්‍යාලය තවත් ලකුණු 230ක් පිටුපසින්.
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (44.5) අබ්දුල් මාජිඩ් 61, පුනාල් පමුදිත 23, මනුග ගුරුගේ නොදැවී 29, රිද්ම බාෂික 2/26, කවිඳු සේනාදි 6/57
සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (44.5) ශෙහාර දෙව්තිළිණ 31, සංදිල් රුචිරංග 20, මනුග ගුරුගේ 3/27, තත්සර දෙව්මිත් 3/31, චමිඳු ගිම්හාන් 2/12
සානත් අන්තෝනි විද්‍යාලය තවත් ලකුණු 24ක් පිටුපසින්.
මෙම තරග සියල්ල අද (10) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















