Home Sinhala ඉන්දියාව 2 වැනි T20 තරගයත් ජය ගනී

ඉන්දියාව 2 වැනි T20 තරගයත් ජය ගනී

Sri Lanka Women tour of India 2025/26 

18
Sri Lanka Women tour of India 2025/26 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි විස්සයි විස්ස තරගය ද පහසුවෙන් ම ජයග්‍රහණය කරමින් තරග 5කින් යුත් තරගාවලිය 2-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (23) සමත් වෙනවා.

Visakhapatnam හි දී පැවැති මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 128ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තවත් පන්දු 49ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම පෙර තරගයට නියෝජනය කළ Deepti Sharma සහ Arundhati Reddy වෙනුවට Sneh Rana සහ Arundhati Reddy නම් කර තිබූ අතර ශ්‍රී ලංකාව සුපුරුදු කණ්ඩායම ම තරගයට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), මල්කි මදාරා, ඉනෝකා රණවීර, කාව්‍යා කාවින්දි, ශෂිනි ගිම්හානි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Shafali Verma, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Amanjot Kaur, Sneh Rana, Arundhati Reddy, Shree Charani, Kranti Gaud, Vaishnavi Sharma.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යනවා. ඒ විශ්මි ගුණරත්න (1) ගේ දැවී යෑමත් සමඟිනුයි.

නමුත් ඊට පසු කඩුල්ලේ දී පන්දු 27ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කිරීමට චමරි අතපත්තු සහ හසිනි පෙරේරා සමත් වෙනවා. චමරි අතපත්තු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

හසිනි පෙරේරා 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා. ඒ වෙද්දී ඇය හර්ෂිතා සමරවික්‍රම සමඟ එක් වෙමින් එම කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා. හර්ෂිතා සමරවික්‍රම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33ක්. ඇය ඒ වෙනුවෙන් පන්දු 32කට මුහුණ දෙන අතර ඊට හතරේ පහර 4ක් එක් කරනවා.

ඊට අමතර ව කවීශා දිල්හාරි පන්දු 18ක දී ලකුණු 14ක් ද සහ කෞෂිනී නුත්‍යාංගනා පන්දු 9ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා. නිලක්ෂිකා සිල්වා (2), ශෂිනි ගිම්හානි (0), කාව්‍යා කාවින්දි (1) සහ මල්කි මදාරා (නොදැවී 1) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගනිද්දී අවසන් පන්දුවාරයේ දී පන්දුවක් ඇර පන්දුවක දී කඩුලු පුජා කිරීමක් ද සිදු වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී Shree Charani සහ Vaishnavi Sharma කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Sneh Rana සහ Kranti Gaud කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු Power Play අවස්ථාවේ දී ප්‍රබල ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 68ක් ලබා ගන්නවා. ඒ වෙද්දී ඔවුන්ට අහිමි ව තිබුනේ Smriti Mandhana ගේ කඩුල්ල පමණයි. පන්දු 11කට මුහුණ දී සිටි ඇය හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.

අනතුරු ව 2 වැනි කඩුල්ල ලෙසින් Jemimah Rodrigues දැවී ගිය අතර ඒ වෙද්දී ඇය පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා. ඇය සහ Shafali Verma අතර එම කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව ලකුණු 58ක්.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට ලකුණක් පමණක් ඉතිරි ව තිබිය දී 3 වැනි කඩුල්ල ලෙසින් නායිකා Harmanpreet Kaur දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 12කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා සිටි අතර Shafali Verma එක් ව එම කඩුල්ල ලකුණු 41ක සබඳතාවක් එක් කරනවා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ 21 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී Shafali Verma. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 92ක 12 වැනි අර්ධ ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි, මල්කි මදාරා සහ කාව්‍යා කාවින්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 128 (20.0)චමරි අතපත්තු 31, හසිනි පෙරේරා 22, හර්ෂිතා සමරවික්‍රම 33, Vaishnavi Sharma2/32, Shree Charani 2/23
  • ඉන්දීය කාන්තා කණ්ඩායම –කඩුලු 3ක් දැවී 129 (11.5)Shafali Verma නොදැවී 69, Jemimah Rodrigues 26, කවීෂා දිල්හාරි 1/15

ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Shafali Verma (ඉන්දියාව)

Result
India Women
129/3 (11.5)
Sri Lanka Women
128/9 (20)
Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c & b Kranti Goud 1 3 0 0 33.33
Chamari Athapaththu c Amanjot Kaur b Sneh Rana 31 24 3 2 129.17
Hasini Perera c & b Shree Charani 22 28 3 0 78.57
Harshitha Samarawickrama run out (Amanjot Kaur) 33 32 4 0 103.12
Kavisha Dilhari c Amanjot Kaur b Shree Charani 14 18 0 0 77.78
Nilakshi de Silva c & b 2 3 0 0 66.67
Kaushani Nuthyangana run out (Kranti Goud) 11 9 1 0 122.22
Shashini Gimhani c Smriti Mandhana b Vaishnavi Sharma 0 1 0 0 0.00
Kawya Kavindi run out (Shree Charani) 1 1 0 0 100.00
Malki Madara not out 1 1 0 0 100.00
Extras 12 (b 4 , lb 4 , nb 0, w 4, pen 0)
Total 128/9 (20 Overs, RR: 6.4)
Bowling O M R W Econ
Kranti Goud 3 0 21 1 7.00
Arundhati Reddy 3 0 22 0 7.33
Sneh Rana 4 1 11 1 2.75
Amanjot Kaur 2 0 11 0 5.50
Vaishnavi Sharma 4 0 32 2 8.00
Shree Charani 4 0 23 2 5.75

Batsmen R B 4s 6s SR
Smriti Mandhana c Kawya Kavindi b Kavisha Dilhari 14 11 1 1 127.27
Shafali Verma not out 69 34 11 1 202.94
Jemimah Rodrigues c Kavisha Dilhari b Kawya Kavindi 26 15 4 0 173.33
Harmanpreet Kaur b Malki Madara 10 12 0 0 83.33
Richa Ghosh not out 1 1 0 0 100.00
Extras 9 (b 0 , lb 0 , nb 2, w 7, pen 0)
Total 129/3 (11.5 Overs, RR: 10.9)
Bowling O M R W Econ
Malki Madara 2.5 0 22 1 8.80
Kawya Kavindi 3 0 32 1 10.67
Kavisha Dilhari 2 0 15 1 7.50
Inoka Ranaweera 2 0 31 0 15.50
Chamari Athapaththu 1 0 17 0 17.00
Shashini Gimhani 1 0 12 0 12.00

දෙරට අතර පැවැත්වෙන 3 වැනි විස්සයි විස්ස තරගය දෙසැම්බර් 26 වැනිදා (රාත්‍රී) Thiruvananthapuram හි දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<