ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග 4ක් අද (7) අවසන් වූ අතර එහි දී Kandy Custom කණ්ඩායමට එරෙහි ව SSC ක්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.
අද අවසන් වූ තරගවල දී විසඳුමකින් අවසන් වූ එක ම තරගය වූයේ මෙයයි.
මෙම ජයග්‍රහණයේ දී SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
මේ අතර අද නිමා වූ තරගවල වැඩිම ලකුණුලාභියා ලෙසින් අභිශේක ලැබුවේ Sebastianite කණ්ඩායමේ රුසිරු විලෝචන. ඔහු Leo කණ්ඩායමට එරෙහි ව පන්දු 281කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබා ගන්නවා.
ඊට අමතර ව United Southern කණ්ඩායමේ අදිශ නානායක්කාර Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 130ක් ද සහ Leo කණ්ඩායමේ ආරම්භක පිතිකරු අශාන් ප්‍රනාන්දු Sebastianite C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා.
මේ අතර SSC කණ්ඩායමේ නිපුන් ධනංජය (91), Moratuwa කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි (76), රශ්මික මෙවන් (79), ගවින් බොතේජු (99) සහ දිනිත ලෝචන සිරිවර්ධන (නොදැවී 71), Galle කණ්ඩායමේ රමේෂ් නිමන්ත (93) සහ චමත් දිල්සර (63), Sebastianite කණ්ඩායමේ සඳුන් ප්‍රනාන්දු (66), Leo කණ්ඩායමේ අශේන් මෙන්ඩිස් (77), United Southern කණ්ඩායමේ පෙසඳු සංජන් (87) සහ ආදිත්‍ය සිරිවර්ධන (නොදැවී 51) අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා.
පන්දු යැවීමේ දී Malay CC තිමිර මල්ෂාන් ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිමින් එම තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කළා.
- ශාරුජන් මංගල ශතකය වාර්තා කරයි
- දිලුම් සුදීර කඩුලු 200 සමාජයට එක් වෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් Rebuilding Sri Lanka වෙනුවෙන් රුපියල් මිලියන 300ක්
- Major Club තරගාවලිය 6 වැනිදා සිට
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
Galle CC සහ Moratuwa SC අතර තරගය අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී.
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (81.1) රමේෂ් නිමන්ත 33, අමිත් එරංග 37, සුභානු කවීෂ රාජපක්ෂ 33, සුපුන් කාවින්ද 33, ලිසුල ලක්ෂාන් 34, හංසමාන ද සිල්වා 28, රජිත ප්‍රියාන් නොදැවී 33, නවින් කවිකාර 2/67, මෙතුශාන් තිළිණ 3/42, ඉමේෂ් උදයංග 3/28
- Moratuwa SC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 432 (97.0) අභිශේක් ලියනාරච්චි 76, රශ්මික මෙවන් 79, ගවින් බොතේජු 99, චානක රුවන්සිරි 35, දිනිත ලෝචන සිරිවර්ධන නොදැවී 71, දුමිඳු සෙව්මිණ 36, රජිත ප්‍රියාන් 3/51, රජීව වීරසිංහ 2/118,
- Galle CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 233 (51.0) රමේෂ් නිමන්ත 93, චමත් දිල්සර 63, අමිත් එරන්ද 32, චානක රුවන්සිරි 2/28
තරගයේ විසඳුමක් නෑ.
Kandy Custom SC සහ SSC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Kandy Custom SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (66.5) සුධීර වීරරත්න 27, මිතුන් ජයවික්‍රම 20, යශෝධ මෙන්ඩිස් 27, කසුන් රාජිත 3/19, ප්‍රභාත් ජයසූරිය 3/50, චරිත් අසලංක 3/35
- SSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 304 (62.0) ක්‍රිශාන් සංජුල 108, නිපුන් ධනංජය 91, චරිත් අසලංක 45, නුවනිඳු ප්‍රනාන්දු 23, යශෝධ මෙන්ඩිස් 3/51
- Kandy Custom SC – 2 වැනි ඉනිම සියලුම දෙනා දැවී 138 (62.5) මලිඳු මදුරංග 21, අශාන් රන්දික 44, ප්‍රමේෂ් මදුභාෂණ 26, ප්‍රභාත් ජයසූරිය 3/43, නිපුන් ධනංජය 2/21, මිලින්ද සිරිවර්ධන 2/07
SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 11ක ජයක්.
Sebastianite C & AC සහ Leo CC අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Sebastianite C & AC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 345 (92.4) රුසිරු විලෝචන නොදැවී 200, සඳුන් ප්‍රනාන්දු 66, තරුෂ ප්‍රනාන්දු 34, ප්‍රවින් ද සිල්වා 3/86
- Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (77.2) අශාන් ප්‍රනාන්දු 104, අශේන් මෙන්ඩිස් 77, මංගල ප්‍රදීප් 24, මිරංග වික්‍රමගේ 3/63, හශාන් සංදීප 3/68, තරුෂ ප්‍රනාන්දු 3/61
- Sebastianite C & AC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 37 (16.0) මාලිංග මලිගස්පේ 19
තරගයේ විසඳුමක් නෑ.
United Southern SC සහ Malay CC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (94.1) අදීශ නානායක්කාර 22, නිපුන් ගමගේ 44, ආදිත්‍ය සිර්වර්ධන 26, කවිඳු එදිරිවීර 25, පෙසඳු සංජන් 87, තරුෂ් දමිඳු නොදැවී 24, ධනෝෂ් ද සිල්වා 30, තිමිර මල්ෂාන් 5/75, වෝෂිත අමරසිංහ 3/70
- Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (56.2) දේශාන් ඩයස් 24, කෙවින් සැමුවෙල් 22, වෝෂිත අමරසිංහ 43, කාවින්ද ඊශ්වර 31, තරුෂ දමිඳු 4/38, කවිඳු එදිරිවීර 3/30, ධනෝෂ් ද සිල්වා 3/14
- United Southern SC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 205 (40.0) අදීශ නානායක්කාර 130, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 51
තරගයේ විසඳුමක් නෑ.
මේ අතර මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (8) අවසන් වීමට නියමිත අතර ඒ අතුරින් Negombo CC සහ Ragama CC අතර තරගය කොළඹ BRC පිටියේ දී පැවැත්වෙන අතර Navy SC සහ SL Army SC අතර පැවැත්වෙන තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















