බංග්ලාදේශය තවත් ලකුණු 106ක් පිටුපසින්

203

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි තුන් දින තරගයේ 2 වැනි දිනය (2) අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 106ක් පිටුපසින් පසු වෙනවා.

Bashundhara ක්‍රීඩා සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තතරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 122කට සියලුම දෙනා දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ අද තම ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 335ක් ලබා ගනිමින් බංග්ලාදේශය ක්‍රීඩකයන්ට ඉනිම බාර දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ 2 වැනි දිනය නිමා වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියා. එම ඉනිමේ දැවී ගිය කඩුලු 5ක ම හිමිකාරීත්වය වමතින් දඟ පන්දු යවන් හිමරු දේශාන් සතු වුණා.

>>රෙහාන් සහ ජේසන් ශතක සබඳතාවයක

අද පෙරවරුවේ තරගය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී  නායක රෙහාන් පීරිස් නොදැවී ලකුණු 114ක් ද සහ ජේසන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 51ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනාගේ 3 වැනි කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ජේසන් ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලේ සබඳතාව ලකුණු 142ක්.

සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ස්ටෙවෝන් පීරිස් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යන අතර ඒ වෙද්දී ඔහු සහ රෙහාන් පීරිස් එක් ව එම කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් එක් කළා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 12කට කඩුලු 2ක් දැවී යන අතර ඉනිමේ 7 වැනි කඩුල්ලට රෙහාන් පීරිස් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 286කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 182ක් ලබා සිටියා. ඔහු සහ මානිත රාජපක්ෂ 7 වැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කරගෙන සිටි අතර රෙහාන් පීරිස් ගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම අත්හිට වනවා.

එහි දී මානිත රාජපක්ෂ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sahidul islam sahid ලකුණු 114කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූ අතර ඔහු දිනයේ දැවී ගිය සියලු කඩුලුවල හිමිකාරීත්වය සතු කර ගත්තා. ඊට අමතර ව Mohammad Akash සහ Md. Rakibul Hossan කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 8ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන හිමරු දේශාන් සමත් වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ පිට පිට යැවුණ පන්දුවාර ද්විත්වයකදීයි.

නමුත් ඉන් අනතුරු ව සිව් වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට Md. Rakibul Hossan සහ Lawrence Roy සමත් වෙනවා. එම සබඳතාව බිඳී යන්නේ Md. Rakibul Hossan පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි. එම කඩුල්ලේ හිමිකාරීත්වය ද හිමරු දේශාන් සතු වුණා.

අනතුරු ව පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටිය දී 6 වැනි කඩුල්ලට Lawrence Roy ද දවා ගැනීමට හිමරු දේශාන් සමත් වුණා.

දවස නිමා වෙද්දී Junayed Hossain පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ Sourav Karmakar පන්දු 63කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා එක් ව ඒ වෙද්දී 7 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන් ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව මිනුග නෙත්සර කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (30.3)Kawsar Ahmed21, Sourav Karmakar 42, මිනුග නෙත්සර 3/34, හිමරු දේශාන් 3/44, මානිත රාජපක්ෂ 3/21
  • ශ්‍රී ලංකාවයස අවුරුදු 17න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 335 (99.4) රෙහාන් පීරිස් 182, හිරුන් මතීෂ 18, ජේසන් ප්‍රනාන්දු 65, ස්ටෙවෝන් පීරිස් 19, මානිත රාජපක්ෂ නොදැවී 27, Sahidul islam sahid 5/114
  • බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – දෙවැනිඉනිම කඩුලු 6ක්දැවී 107 (44.1) Lawrence Roy 26, Md. Rakibul Hossan 23, Junayed Hossain නොදැවී 25, Sourav Karmakar නොදැවී 19, හිමරු දේශාන් 5/33

තරගය හෙට (4) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<