ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තුන් දින තරගයේ පළමු දිනය (27) අවසන් වෙන්නේ දෙපිලේ ම කඩුලු 22ක් අහිමි වෙමින්.
Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සතු කරනවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවි ලකුණු 120ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 102ක් පමණයි.
ලකුණු 18ක් ඉදිරියෙන් සිටිමින් නැවත 2 වැනි ඉනිමට පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටියා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෝ 9 දෙනෙක් පළමු වරට ජාත්‍යන්තර තරග වරම් දිනා ගැනීමට සමත් වෙනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
රෙහාන් පීරිස් (නායක), අරෝෂ සිතුමිණ, හිරුන් මතීෂ, චනුල් කොඩිතුවක්කු, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සනුල් වීරරත්න, හිමරු දේශාන්, ලහිරු ලක්මාල්, මානිත රාජපක්ෂ, ගිම්හාන් මෙන්ඩිස් සහ නඳුන් බණ්ඩාර.
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
Adrito Gosh (නායක), Md Sami, Kawsar Ahmed, Lawrence Roy, Junayed Hossain, Md. Rakibul Hossan, Sourav Karmakar (කඩුලු රකින්නා), Sahidul islam sahid, MD Maheenujjaman Mahabir, Md Nubayet Alam, Mohammad Akash
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Adrito Gosh. ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Md. Rakibul Hossan පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද, Junayed Hossain සහ Lawrence Roy ලකුණු 19ක් බැගින් ද ලබා ගන්නවා.
අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ මානිත රාජපක්ෂ. ඔහු ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නවා. ඊට අමතර ව ගිම්හාන් මෙන්ඩිස් සහ හිමරු දේශාන් කඩුලු ද්විත්වය බැගින් ද ලහිරු ලක්මාල් සහ නඳුන් බණ්ඩාර කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
- ශ්‍රී ලංකා 40s ප්රවීනයන්ට Gulf ප්‍රහාරයක්
- ශ්‍රී ලංකා 40s ප්රවීනයෝ නැවත ජයග්‍රාහී මාවතට
- 2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
- Rest of World 40s ප්රවීනයෝ ශ්‍රී ලංකාව පරාජය කරයි
- Usman Tariq කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සිම්බ්බාවේ පරාජය කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් ඉනිමේ පළමු ලකුණු 10 නායක රෙහාන් පීරිස් විසින් ලබා ගන්නේ පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද ඊට එක් කරමින්.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණක දී කඩුලු ද්විත්වයක් ඔවුන්ට අහිමි වෙනවා. එසේ කඩා වැටෙන ඉනිමේ 6 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 43ක සබඳතාවක් ගොඩ නැගීමට සනුල් වීරරත්න සහ හිමරු දේශාන් සමත් වෙනවා.
ඔවුන් අතුරින් සනුල් වීරරත්න පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගනිද්දී හිමරු දේශාන් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.
පන්දු 166ක දී දැවී ගිය ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෝ 7 දෙනෙක්ගේ ම ඉනිම් තනි ලකුණකට සීමා වුණා. එලෙසින් සීමා වූ ඉනිමේ හොඳම පන්දු යැවීම MD Maheenujjaman Mahabir වාර්තා කළා. ඔහු පන්දුවාර 6ක් යවමින් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.
ඊට අමතර ව Sahidul islam sahid, Md Nubayet Alam සහ Mohammad Akash කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පළමු ඉනිමේ ලත් වාසියත් සමඟින් තම 2 වැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 2කට ලකුණු 36ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් Kawsar Ahmed පන්දු 11ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී හිමරු දේශාන් සහ ගිම්හාන් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (39.3) Lawrence Roy 19, Adrito Gosh 36, Junayed Hossain 19, Md. Rakibul Hossan 20, ගිම්හාන් මෙන්ඩිස් 2/14, හිමරු දේශාන් 2/20, මානිත රාජපක්ෂ 4/29
- ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 102 (27.4) සනුල් වීරරත්න 27, හිමරු දේශාන් 24, Mohammad Akash 2/33, MD Maheenujjaman Mahabir 3/22, Md Nubayet Alam 2/30, Sahidul islam sahid 2/15
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 28 (7.3) Kawsar Ahmed 18, ගිම්හාන් මෙන්ඩිස් 1/19, හිමරු දේශාන් ½
තරගය අද (28) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















